Cricket NewsEXCLUSIVE

“සුපුරුදු ප්‍රහාරාත්මක පිතිකරණය සහ තරඟ අවසන් කරන්නාගේ විශිෂ්ට භූමිකාව සමග, පැරණි චන්දි යළි පැමිණියා” – දිනේෂ් චන්දිමාල්

තමන් ක්‍රිකට් පිටියට පැමිණි මුල් කාලයේ එනම් මිට වසර 8කට පමණ පෙර ක්‍රීඩා කළ ස්වභාවයේ පිතිකරණ රටාවක් දියත් කරමින් සිටින බව දිනේෂ් චන්දිමාල් පවසනවා. එහිදී ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටින්නේ “පැරණි චන්දි ” යළි පැමිණි ස්වභාවයක් LPL තරගාවලියේ ක්‍රීඩාකිරිමේදි තමන්ට දැනෙන බවයි.

ඒ ගැන තමන් සතුටට පත් වනවා යනුවෙන් ද ඔහු ප්‍රකාශ කර තිබෙන අතර පසුගිය වසර කිහිපය තුළ තම පිතිකරණ රටාව වෙනස් කළ බවත් එම වෙනස් කළ පිතිකරණ රටාවෙන් මිදි යළි ‘පැරණි චන්දි’ විදිහට ක්‍රීඩා කිරිමට සිතා ගත් බවත් දිනේෂ් චන්දිමාල් වැඩිදුරටත් ප්‍රකාශ කළා.

එම වෙනස සිදුකළ බවත් එය හොදින් ක්‍රියාත්මක වු බවයි චන්දිමාල් ගේ අදහස.

Colombo Stars කණ්ඩායම නියෝජනය කරන දිනේෂ් චන්දිමාල් තම කණ්ඩායමට කුසලානය දිනාගැනීමට අවස්ථාවක් පවතින බවද පැවසුවා.

කෙසේවෙතත් තම පිතිකරුවන් මුල් පන්දු වාර 6 දී කඩුළු ආරක්ෂා කරමින් ලකුණු ලබා ගැනීම වගේම තම පන්දු ‍යවන්නන් ප්‍රතිවාදි ඉනිමේ මුල් කඩුළු කඩිනමින් ලබා ගැනීම ද කණ්ඩායමක් විදිහට දියුණු කර ගත යුතු බවයි චන්දිමාල් ගේ අදහස.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7