Cricket NewsEXCLUSIVEIPLPremier League

ජයග්‍රාහකයාට රුපියල් කෝටි 72ක් සමඟ කිරුළ ලැබෙන අයිපීඑල් අවසන් සටන හෙට කොල්කටා හා හයිද්‍රාබාද් අතර චෙන්නායි හීදී.

දාහත්වැනි වරට පැවැත්වෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය හෙට (26) රාත්‍රි 7.30ට චෙන්නායිහිදී පැවැත්වේ. මේ තරගාවලියේ ශූරයන්ට ඉන්දීය රුපියල් කෝටි 20ක් (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් කෝටි 72ක්) හිමිවන අතර, අනුශූරයන්ට කෝටි 13ක් හිමි වෙයි.

තෙවැනි ස්ථානයට ඉන්දීය රුපියල් කෝටි 7ක් සහ සිව්වැනි ස්ථානයට කෝටි 6.5ක් හිමි වෙයි.

වේලාසනින්ම මේ තරගයේ ස්ථානයක් වෙන් කර ගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් සමත් වූ අතර, මින් පෙර දෙවරක් (2012 හා 2014) ශූරයන් වී ඇති ඔවුන් 2021 වසරේ අනුශූරයන් බවට පත්විය.

මෙවර තරගාවලියේ මූලික වටයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණගත් කොල්කටා පිල පළමු සුදුසුකම් ලැබීමේ තරගයෙන් (Qualifier 1) ජය ගෙන මේ තරගයට එක් විය. එම තරගයෙන් පරාජය වූ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි තැන පසුවූ සන්රයිසස් හයිද්‍රාබාද් පිල යළිත් අවසන් තරගයට එක්වීමේ බලාපොරොත්තුවෙන් ඊයේ රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබූ සුදුසුකම් ලැබීමේ දෙවැනි තරගයට (Qualifier 2) එක්විය.

එම තරගය ජය ගත් සන්රයිසස් හයිද්‍රාබාද් පිල හෙට පැවැත්වෙන අවසන් මහා තරගයේදි කොල්කටා කණ්ඩායම සමග තරග වැදීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button