Cricket GossipCricket NewsEXCLUSIVE

ඩර්හම් බීඩියා මෙල්බර්න් වීරයා වූ ඔස්ට්‍රේලියානු පුවත්පත් මුල් පිටු පවා සැරසුණු කුසල් මෙන්ඩිස්ගේ ඉනිම !

Kusal Mendis arrested after being involved in fatal road incident | The Cricketer

කුසල් මෙන්ඩිස් අතිශෝක්තියෙන් වර්ණනා කිරීම මෙම ලිපියේ අරමුණ නොවන බව සඳහන් කරන්නට කැමැත්තෙමි.කුසල් මෙන්ඩිස් හට ආරම්භක පිතිකරුවෙකු ලෙස විස්සයි විස්ස ආකෘතිය තුල සිදුකල හැකි බලපෑම හා ඔහුගේ දත්ත එදාමෙදා තුර ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කල ආරම්භක පිතිකරුවෙකු සතු හොඳම දත්ත පුළුල් කෝණයකින් පෙන්නුම් කල ලිපි කිහිපයක් අපි මීට පෙර පල කර ඇත්තෙමු.

ඔස්ට්‍රේලියානු තරඟාවලිය ආරම්භ වන විට කුසල් ආරම්භක පිතිකරුවෙකු ලෙස ඉනිම් 13 ක් ක්‍රීඩා කර තිබුණි.එහිදී අර්ධ ශතක පහක් හා 137 ක ප්‍රහාරක වේගයක්ද සඳහන්ව තිබුණි.එහිදී කුසල්ගේ සාමාන්‍ය දෙවැනි වූයේ මහේල ජයවර්ධනට පමණි.කෙසේනමුත් විස්සයි විස්ස තරඟ තුල ආරම්භක පිතිකරුවෙකු ලෙස ධනුශ්ක ගුණතිලක සාධනීය දස්කම් දැක්වීමට ජාත්‍යන්තර පිටියේ සමත් වූයේද යන්න අදටත් ප්‍රශ්නාර්ථයකි.කුසල් මෙන්ඩිස් හට ආරම්භක පිතිකරුවෙකු ලෙසින් ක්‍රීඩා කරන්නට අවකාශය ලැබෙන්නේ ධනුශ්කගේ අසාර්ථකත්වය මතය.ධනුශ්ක ආරම්භක පිතිකරුවෙකු ලෙසින් සාර්ථක වීම මත මෙන්ඩිස් හට පසුබසින්නට වූයේද නැත.

Two more key SL players doubtful for India T20s - NewsWire

නමුත් කුසල් ආරම්භක පිතිකරුවෙකු ලෙසින් දකුණු අප්‍රිකාවට හැර ක්‍රීඩා කල සෑම රටකටම එරෙහිව අර්ධ ශතකයක් ලබාගෙන ඇත.බංග්ලාදේශය , නවසීලන්තය , ඉන්දියාව හා ඔස්ට්‍රේලියාවට එරෙහිව ඉනිම් 14 කදී අර්ධ ශතක 6 ක් සමඟින් ලකුණු 447 ක් රැස් කර තිබෙන්නේ ප්‍රහාරක වේගයද 137 ඉක්මවා සටහන් කරගනිමිනි.

සමස්‍ත තරඟාවලිය පුරාවටම එකදු ශ්‍රීලාංකික පිතිකරුවෙකු හට නොහැකි වූ දෙය ඔහු මෙල්බර්න් හිදී සිදු කලේය.ආරම්භක පිතිකරුවා ලෙසින් පිටියට පැමිණි ඔහු පන්දු 58 කදී ලකුණු 69 ක් රැස් කරමින් තරඟයේ අවසානග කරා රැගෙන ගියේ මෙල්බන් ක්‍රීඩාංගණයේදී පැවැති විස්සයි විස්ස තරඟයක ලාංකික පිතිකරුවෙකු රැස්කල ඉහලම ඉනිම වාර්තා කරමිනි.

ආසියාතික කඩුලු රකින්නෙකු ඔස්ට්‍රේලියාවට එරෙහිව වාර්ථා කල ඉහලම පෞද්ගලික ඉනිම ලෙසින් එය වාර්ථා අතරට එක්විය.ඔස්ට්‍රේලියානු පුවත් පත් පවා යොවුන් කණ්ඩායමක් ලෝක ශූරයින්ගෙන් වාඩුව ගත් බව සඳහන් කර තිබුණේ ඩර්හම් බීඩියා මෙල්බර්න් වීරයා වූ හැටි අපූරුවට උකහා ගනිමිනි.

Former Schoolboy Cricketer Kusal Mendis proves his worth in Bangladesh | Daily News

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button