Cricket NewsEXCLUSIVE

ඉන්දියාවට එරෙහිව සිංහයන්ගේ සංග්‍රාමය සමග නවමු ක්‍රීඩාමය අත්දැකීමකට සැරසෙන ITN

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරය ආරම්භ කරමින් අද (24 ) පස්වරුවේ ආරම්භ වන තරග 3 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ දේශීය නිල රූපවාහිනී විකාශන කටයුතු ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය (ITN) හරහා සිදුකෙරෙනු ඇත.

ඒ අනුව දෙරට අතර මෙම තරගය ප.ව. 7.00 සිට ස්වාධීන රූපවාහිනිය ඔස්සේ සිය ආලින්දයේ සිට නැරඹීමට ක්‍රීඩා ලෝලීන්ට අවස්ථාව උදාවනු ඇත.

දෙවැනි තරගය ලන 26 වැනිදාද තෙවැනි තරගය ලබන 27 වැනිදාද පැවැත්වෙද්දී දෙරට අතර පැවැතිවෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය ලබන මාර්තු මස 04 වැනිදා සිට 16 වැනිදා දක්වා වූ කාල සීමාවේදී ස්වාධීන රූපවාහිනිය ඔස්සේ නැරඹීමේ අවස්ථාව ක්‍රීඩා ලෝලීන් හට හිමිවේ.

ඉන්දීය විස්සයි-20 සංචිතය

රොහිත් ෂර්මා (නායක), ජස්ප්‍රීට් බුම්රා (උපනායක), රුතුරාජ් ගයික්වාඩ්, ශ්‍රෙයාස් අයියර්, සංජු සැම්සන්, ඉෂාන් කිෂාන්, වෙන්කටේෂ් අයියර්, දීපක් හූඩා, රවින්ද්‍ර ජදේජා, යුස්වේන්ද්‍ර චාහල්, රවී බිෂ්නෝයි, කුල්දීප් යාදව්, මොහොමඩ් සිරාජ්, බුවනේෂ්වර් කුමාර්, හර්ෂල් පතෙල්, ආවේෂ් ඛාන්.

ශ්‍රී ලංකා විස්සයි-20 සංචිතය

දසුන් ශානක (නායක), චරිත් අසලංක (උපනායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, ධනුෂ්ක ගුණතිලක, කමිල් මිෂාර, ජනිත් ලියනගේ, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, ළහිරු කුමාර, බිනුර ප්‍රනාන්දු, ශිරාන් ප්‍රනාන්දු, මහීෂ් තීක්‍ෂණ, ජෙෆ්රි වැන්ඩසේ, ප්‍රවීන් ජයවික්‍රම, අෂීන් ඩැනියල්.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button