EXCLUSIVESocial ReactionTrending Article

“එක දිගට අවුරුදු 5ක් කිලෝමීටර් සිය ගණනක් බයික් එකේ තෙමුණු මට මේ හැඟීම හොඳට දැනෙනවා” – වැස්සේ තෙමෙන තරුණයකු පිළිබඳව කුමාර් ධර්මසේන තැබූ සංවේදී සටහන.!

1996 ලෝක කුසලාන ජයග්‍රාහණය කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෙකු මෙන්ම වර්තමානයේ ජාත්‍යන්තර ක්‍රිකට්ක වුන්සිලයේ A ශ්‍රේණියේ ප්‍රධාන විනිසුරු වරයෙකු ලෙස කටයුතු කරනු ලබන කුමාර් ධර්මසේන සිය ෆේස්බුක් ගිණුමේ සිය “තෙමුණු අතීතය” පිළිබඳව සංවේදී සටහනක් තබා තිබුනා.

එම සටහන පහතින්

”එක දිගට අවුරැදු 5 ක් කිලෝමීටර් සිය ගණන් බයික් එකේ තෙමුනු මට මේ අත්දැකීම පුදුම විදිහට දැනෙනව…😥

ඒ හැමවෙලේම පාරෙ නොතෙමී යන වාහන දිහා අහින්සක විදිහට බලන් හිටියෙ අල්පෙනෙති තුඩක තරම්වත් ඊරිසියාවකින් නම් නෙමේ….

ඒ හැමවෙලේම සිහින දැක්ක,, මාත් කවදහරි නොතෙමී යනව කියලා….

අද මම නොතෙමී යනවා… ඒත් අදටත් තවත් කෙනෙක් මෙහෙම ඉන්නව දකිද්දි දැනෙන හැගීම වචන වලින් කියන්න බෑ… 😥😥

මම නොතෙමී යද්දී මගේම එවුන් තෙමීගෙන එද්දී,, යද්දී පුදුම හැගීමක්… මට උබලත් එක්ක තෙමෙන්න බැරි වෙයි… ඒත් හදවතින් පතනව හැම මොහොතකම උබල හැමෝටම මාත් එක්ක නොතෙමී යන්න ඉක්මණටම….😥😥😥

මේ රටේ මේ ක්‍රමය මටයි උබටයි නොතෙමී එක විදිහයට යන්න ඉඩ දෙන් නෑ,,

බලමු අපි වෙනස් කරන්න හැමෝටම නොතෙමී යන්න පුලුවන් විදිහට මේ ක්‍රමය….

නොතෙමී යන මම ඒ වෙනස කරන්න උත්සාහ කරද්දි ,තෙමි තෙමී යන උබත් ඒ වෙනස වෙනුවෙන් කැප වෙයන්..😍😍😍

KD”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7