Cricket NewsEXCLUSIVELPL

LPL සටනට Kandy Warriors අළු ගසා දමා නැගිටියි – Robman Powell, Phil Salt ඇතුළු T10 හි දස්කම් දක්වන සුපිරි තරු රැසක් එක් කර ගනී.!

ශ්‍රී ලාංකේය ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගමාලාව එළඹෙන දෙසැම්බර් මස 5 වන දා සිට පුරා මාසයක පමණ කාලයක් අති උත්කර්ෂවත් අයුරින් කොළඹ සහ හම්බන්තොට ක්‍රීඩාංගන කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතය.

මේ අතර ක්‍රීඩක වෙන්දේසියේ දී පවා විශේෂ අවධානයක් යොමු වූ Kandy Warriors කණ්ඩායම මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය ආරම්භ වීමට සති දෙකක පමණ කාලයක් තිබියදී විශේෂ පුදුම කිරීම් කිහිපයක් සමග නැවතත් තරගාවලියට අවතීර්ණ වීමට සමත්ව තිබෙනවා.

LPL ක්‍රිඩක වෙන්දේසියේදී ඔවුන් ක්‍රීඩකයින් තෝරා ගත් ආකාරය පිළිබඳවද ආන්දෝලනාත්මක තාවයක් සමාජ මාධ්‍යවල පවා ඇති වූ අතර කෙසේ නමුත් මේ වන විට අබුඩාබි හිදී පැවැත්වෙන ලෝකයේ වේගවත්ම ක්‍රිකට් තරඟාවලිය වන Abu Dhabi T10 තරගාවලියේ දක්ෂතා අතර සිටින ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම Kandy Warriors කණ්ඩායමට එක්කර ගැනීමට කණ්ඩායම් හිමිකරුවන් කටයුතු කර තිබෙනවා.

ඒ Rovmwn Powell සහ Phil Saltය.

මේ වනවිට පැවැත්වෙන අබුඩාබි T10 තරගාවලියේ දස්කම් දක්වන මොවුන් දෙදෙනා නිසැකවම Kandy Warriors කණ්ඩායමේ දැවැන්තම විදෙස් ක්‍රීඩකයන් දෙදෙනෙකු බවට පත්වනු ඇති බව නම් නොඅනුමානය.

එමෙන්ම බොහෝ දෙනෙක් නොසලකා හරිමින් සිටි Kandy Warriors කණ්ඩායමට අන් ප්‍රබල කණ්ඩායම්වලට එරෙහිව තියුණු සටනක් ලබාදීමට හැකි කණ්ඩායමක් මේ වන විටත් නිර්මාණය වී අවසන් ය.

ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කරන ආකාරයට බොහෝ විට මෙම කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ද ශ්‍රී ලංකා සුපිරි පිතිකරු චරිත් අසලංක හට හිමි වීමටද නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7