Cricket NewsEXCLUSIVE

“අපි ක්‍රිඩාංගනයේදි හමුවෙමු, කව්ද දක්ෂයා කියලා තරඟය අවසානයේ බලමු” – බංගලාදේශ ක්‍රීඩක මෙහෙදි හසන් ශ්‍රී ලංකාව සමග තරඟය ගැන අදහස් දක්වයි.!

මෙවර ආසියානු කුසලාන තරඟාවලිය මේ වන විට එක්සත් අරාබි එමිර් රාජ්‍යය පැවැත්වෙන අතර මේ වනවිටත් තරගාවලිය ඉතා උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා.

පසුගියදා ඇෆ්ගනිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර පැවැති තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලූ 8 ක අනපේක්ෂිත පරාජයක් ලැබීමට සිදු වූ අතර එම තරගයෙන් අනතුරුව ශ්‍රී ලංකා නායක දසුන් ශානක ප්‍රකාශ කර සිටියේ බංගලාදේශය සමග එළඹෙන තරඟයේ දී ඉතා හොඳින් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් දසුන් ශානක පවසා සිටියේ බංගලාදේශයට ලෝක මට්ටමේ ක්‍රීඩකයින් එතරම් නොමැති නිසාත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම තරම් පන්දු බලඇණිය ඔවුන්ගේ ශක්තිමත් නොවන නිසාත් මෙය ශ්‍රී ලංකාවට පහසු තරගයක් වන බවයි.

මෙම පුවත සම්බන්ධයෙන් බංග්ලාදේශ ක්‍රීඩක මෙහෙදි හසන් මාධ්‍යට අදහස් දක්වා තිබෙනවා. එහිදී ඔහු සඳහන් කර තිබෙන්නේ “මේ කණ්ඩායම හොඳයි, මේ කණ්ඩායම නරකයි කියලා අදහස් දක්වන්න මට අවශ්‍ය නැහැ” යනුවෙනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු හසන්,

“මම හිතන්නේ ක්‍රීඩාංගනයේ දී හොඳ නරක ඔප්පු වෙනවා. එදා දවසේ් දී නරක ලෙස ක්‍රීඩා කළහොත් හොඳ කණ්ඩායමක් පරාජය විය හැකියි. ඒ වගේම නරක කණ්ඩායමක් හොඳට ක්‍රීඩා කළොත් දිනන්න පුළුවන්.”

“අපි ක්‍රීඩාංගනයේ දී හමුවෙමු, එදා දවස අවසානයේදී හොඳ කණ්ඩායම තරගය දිනාවි. මට හැඟෙන දේ තමයි අපි හොඳින් ක්‍රීඩා කළොත් හොඳ කණ්ඩායම කවුද නරක කණ්ඩායම කවුද කියලා අනිවාර්යයෙන්ම හැමෝම දැනගන්නවා. ඒ නිසා කළින් අනාවැකි පල කිරීමට වඩා ක්‍රීඩාංගනයේ දී හොඳින් ක්‍රීඩා කිරීම වැදගත් කියලා තමයි මම හිතන්නෙ”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7