Cricket NewsEXCLUSIVELPL

ආබාධ තත්ව සහ භෞතික චිකිත්සකවරයාගේ ඉල්ලීම් නොසලකමින් LPL ඔස්සේ සිය සුපුරුදු රිද්මය සොයන කුසල් ජනිත් පෙරේරා.!

මෙම වසරේ දෙවන වරටත් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරග මේ වනවිට අවසන් වී ඇති අතර PLAY OFF වටය සඳහා Jaffna Kings, Galle Gladiators, Colombo Stars සහ Dambulla Giants යන කණ්ඩායම් සුදුසුකම් ලබා ගැනීමට සමත් වූ අතර Kandy Warriors කණ්ඩායම පළමු වටයෙන් ඉවතට විසි ව ගියා.

මේ අතර මෙවර තරඟාවලියේ Colombo Stars කණ්ඩායම නියෝජය කරනු ලබන ප්‍රහාරාත්මක පිතිකරු කුසල් ජනිත් පෙරේ⁣රා සම්බන්ද පුවතක් ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කර තිබෙනවා.

එහි සඳහන්ව ඇත්තේ කුසල් ජනිත් පෙරේරා හට ඔහුගේ විටින් විට මතුවන උරහිසේ ආබාධ තත්ත්වයට ශල්‍යකර්මයක් සිදු කිරීම සදහා මෙවර ලංකා ප්‍රිමියර් ලීගය සහ එළඹෙන සිම්බාබ්වේ තරගාවලිය මගහැර සිටින ලෙස SLC ප්‍රධාන භෞත චිකිත්සක වන Brett Horrop නිර්දේශ කර ඇති මොහොතක එය නොසලකමින් ඔහු ක්‍රිඩා කරමින් සිටින බවයි.

කෙසේ නමුත් පළමු තරඟ කිහිපයේ සිය රිද්මය සොයා ගැනිමට අපොහොසත්ව සිටි කුසල් ජනිත් පෙරේරා පසුගිය දා Kandy Warriors කණ්ඩායම සමග පැවති තරඟයේදි සිය සුපුරුදු ප්‍රහාරාත්මක පිතිකරණ රිද්මය සොයා ගැනීමටද සමත් වුනා.

Colombo Stars සහ Dambulla Giants තරඟ වදින මෙවර තරඟාවලියේ Eliminater තරඟය අද සවස 4.00ට ආරම්භ වීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7