Cricket NewsEXCLUSIVEInternational

ඉන්දියාව හමුවේ ලැබූ ලකුණු 302 ක පරාජය පිළිබඳව තවදුරටත් පසුතැවීම පලක් නොවන බව කුසල් මෙන්ඩිස් පවසයි .

ඉන්දියාව හමුවේ ලැබූ ලකුණු 302 ක පරාජය පිළිබඳව තවදුරටත් පසුතැවීම පලක් නොවන බව පැවසූ කුසල්, එහිදී වැඩිදුරටත් කියා සිටියේ එළබෙන ශූරයන්ගේ කුසලාන තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතිරිව ඇති තරග දෙක ජයැගැනීම වැදගත් බැවින්‍ මේ අවස්ථාවේ තමන් ඇතුළු කණ්ඩායම එම තරග දෙක ජයගැනීම සඳහා සිය උපරිමය යෙදවීමට බලාපොරොත්තු වන බවය.

“කළින් තරගය ගැන කතා කරද්දි ගොඩක් කණගාටුවට පත්වෙනවා. ඒත් අපිට ඒකත් එක්කම ඉන්න අමාරුයි. මොකෙද තරගාවලියෙ තව තරග 2 ක් ඉතුරු වෙලා තියෙනවා. ‍කණ්ඩායමක් හැටියට වෙච්ච වැරදි මෙනවද කියලා අපි දන්නවා. ඒ හින්දා අපි බලන්නේ කොච්චර අමාරු වුණාත්, පුළුවන් තරම් ඉක්මනට පරණ දේවල් අමතක කරලා, වැරදි හදාගෙන ඊළඟ තරග දෙකට මුහුණ දෙන්න.” යැයිද එහිදී මෙන්ඩිස් කියා සිටියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
1
+1
31
+1
2
+1
2
+1
3

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button