Cricket NewsEXCLUSIVEInternational

විජයග්‍රාහී රාත්‍රියේ ශ්‍රී ලංකා සිංහ පුතුන් විසින් ක්‍රිකට් පොතෙ අලුත් කරන ලද වාර්තා – මෙතනින් කියවන්න

Kusal Mendis and Pathum Nissanka stitched a century stand, Sri Lanka vs Australia, 3rd ODI, Colombo, June 19, 2022

ඊයේ (19) කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවති තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ තෙවන තරඟයෙන් කඩුලු 6ක ජයග්‍රහණයක් වාර්තා කරමින් තරඟාවලිය 2-1 ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා.

මේ අතර ඊයෙ තරගයේ ජයග්‍රහනයත් සමග ක්‍රිකට් පොතෙ අලුතින් වාර්තා කිහිපයක් ලියවුනා,

1.ඕස්ට්‍රේලියාවට එරෙහිව ශ්රී ලංකාව හඹා ගොස් ජයගත් ඉහළම ලකුණු සංඛ්‍යාව – 292

2.ඛෙත්තාරාම ( ආර්. ප්‍රේමදාස )ක්‍රීඩාංගනයේදී හඹා ගොස් ජය ලබා ගත් ඉහළම ලකුණු සංඛ්‍යාව -292 (මීට පෙර එයට හිමිකම් කීවේ ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 288 ක් හඹා ගොස් ජයගත් ඉන්දියාවයි.)

3. ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර තරඟයකදි ශ්‍රී ලංකාව වෙනුවෙන් දෙවන කඩුල්ල සඳහා වාර්තා වූ ඉහළම ලකණු සම්බන්ධතාවය -170 ( කුසල් මෙන්ඩිස් හා පැතුම් නිශ්ශංක බිඳ දැමුවේ 2006 වසරේ සිඩ්නි වල සනත් ජයසූරිය හා කුමාර් සංගක්කාර වාර්තා කළ ලකුණු 163 ක සම්බන්ධතාවයි)

4.ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර හඹා ගොස් ජය ලබාගත් තරඟයක තනි ක්‍රීඩකයෙක් විසින් වාර්තා කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාව පැතුම් නිශ්ශංක වාර්තා කරන ලදී -137(මීට පෙර එම වාර්තාවට හිමිකම් කිවුයේ ලාහෝර් වල 1996 ලෝක කුසලාන අවසන් මහා තරගයේදී ලකුණු 107 ක් වාර්තා කළ අරවින්ද ද සිල්වායි)

Charith Asalanka and Chamika Karunaratne walk off with the victory, Sri Lanka vs Australia, 3rd ODI, Colombo, June 19, 2022

5. ඕස්ට්‍රේලියාවට එරෙහිව ශ්රී ලංකික ක්‍රීඩකයෙක් එක්දින තරඟයකදී වාර්තා කර තිබූ ඉහළම ලකුණු සංඛ්‍යාවල හිමිකම තිබූ සනත් ජයසූරියගේ වාර්තාව ( 122, 117)බිඳ හෙලීමට පැතුම් නිශ්ශංක සමත් විය – 137

6. ඕස්ට්‍රේලියාවට එරෙහිව හඹා යෑමකදි ශතකයක් වාර්තා කළ තුන් වන ශ්‍රී ලාංකික පිතිකරුවා වන්නේද පැතුම් නිශ්ශංකයි. මීට පෙර හඹා යෑම් වලදී ඕස්ට්‍රේලියාවට එරෙහිව ශතක වාර්තා කර ඇත්තේ කුමාර් සංගක්කාර හා අරවින්ද ද සිල්වා පමණි.

7.ඕස්ට්‍රේලියාවට එරෙහිව එක්දින තර්ඟවලියකදී
කඩුලු 5 ක් දවාගැනීමට සමත් වූ ලාබාලතම ක්‍රීඩකයා – දුනිත් වෙල්ලාලගේ [අවු.19 යි,දින161]මීට පෙර එයට හිමිකම් කීවේ අවු19 දින 283ක් වයසැති දකුණු අප්‍රිකානු ක්‍රීඩක වේන් පාර්නෙල්ය)

8.ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ලකුණු 2500 පසුකළ 18 වෙනි ක්‍රීඩකයා බවට කුසල් මෙන්ඩිස් සමත් වෙනවා.

දෙරට අතර පැවැත්වෙන සිව් වන එක්දින තරඟය එළඹෙන 21 වන දා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.Local fans enjoyed Sri Lanka's batting in the third ODI, Sri Lanka vs Australia, 3rd ODI, Colombo, June 19, 2022

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button