Cricket NewsEXCLUSIVE

කුසල් මෙන්ඩිස්, දිමුත් කරුණාරත්න සහ ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකාව වෙනුවෙන් පිත්තෙන් යුතුකම් ඉටු කරයි – පළමු දිනය නිමා වන විට කණ්ඩායම් දෙකටම තරඟය විවෘතයි.!

ලෝක ටෙස්ට් ශූරතාවලි අවසන් මහා තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉඩ වෙන්කරනු ලබන තීරණාත්මක ශ්‍රී ලංකා නවසීලන්ත පළමු ටෙස්ට් තරඟය අද ක්‍රයිස්චර්ච් හිදී ආරම්භ වූ අතර දිනය නිමා වන විට කඩුලු 6ක් දැවී ශ්‍රී ලංකා කණ්ඩායම ලබා සිටින ලකුණු සංඛ්‍යාව 305ක්.

කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත නායක ටිම් සවුතිගේ ආරාධනයෙන් මුලින්ම පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙසින් ඕශධ ප්‍රනාන්දු ලකුණු 13 කට දැවී වියේ නායක ටිම් සවුති යොමු කල පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක ටොම් බන්ඩල් අතට උඩපන්දුවක් ලබාදෙමින්.

ඉන් අනතුරුව පිටියේ එක්වූ කුසල් මෙන්ඩිස් හා නායක දිමුත් කරුණාරත්න පුරා සැසියක් නිමාවන තුරු කඩුල්ලේ රැඳී සිටිමින් ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක අඩිතාලමක් නිර්මාණය කලේය. දෙවන කඩුල්ල සඳහා වේගව්ත් ලකුනු 137 ක සබඳතාවයක් එක් කල ඔවුන් දෙදෙනා වාර්ථා පොත් අලුත් කිරීමටද සමත් විය.

නවසීලන්තය තුලදී විදෙස් පිතිකරුවෙකු රැස් කල වේගවත්ම අර්ධ ශතකය කුසල් මෙන්ඩිස්ගේ පිත්තෙන් වාර්ථා වූ අතර ඒ සඳහා ඔහු පන්දු 40 ක් වැය කර තිබුණි.මෙන්ඩිස් එසේ අභිබවා ගියේ ඔස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත් මීට පෙර පිහිටුවා තිබූ වාර්ථාවයි.

එමෙන්ම ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවක් රැස් කල ආරම්භක පිතිකරුවා බවට පත්වූයේ සනත් ජනසූරිය අභිබවා යමිනි.දිමුත් මේ දක්වා ආරම්භක පිතිකරුවෙකු ලෙසින් ලකුණු 5930 ක් රැස් කරගෙන තිබේ.

හතරේ පහර 16 ක් සමඟින් පන්දු 83 කදී ලකුණු 87 ක් රැස් කල කුසල් මෙන්ඩිස් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීමෙන් දැවී යද්දී නායක දිමුත් කරුණාරත්න දැවී ගියේ පිට ඉන්නෙන් තරමක් ඈතින් ඇදී ගිය පන්දුවක් හඹා ගොස් පහරක් එල්ල කිරීමට යාමේදී ටොම් ලැතම් හට උඩපන්දුවක් ලබා දෙමිනි.

අනතුරුව පිටියේ එක් වූ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 47ක් රැස් කල අතර දිනේෂ් චන්දිමාල් සහ ධනංජය ද සිල්වා ලකුණු 39 බැගින් රැස් කළා.

ඒ අනුව දිනය නිමා වන විට කණ්ඩායම් දෙකටම තරඟය විවරව පවතින අතර තරඟයේ දෙවැනි දිනය හෙටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7