Cricket NewsEXCLUSIVEPSL

Peshawar Zalmi කණ්ඩායමෙන් ලැබුණු ලකුණු 241කක දැවැන්ත ජයග්‍රාහී ඉලක්කය පන්දුවාර 18.2ක් තුල සපුරාගත් Jason Roy ඇතුළු Quetta Gladiators පිතිකරුවන් PSL ඉතිහාසයේ .විශිෂ්ටතම හඹා යාම වාර්තා කරයි.!

පකිස්ථානයේ පැවැත්වෙන දැවැන්තම ක්‍රිකට් සැණකෙළිය වන පකිස්ථාන සුපර් ලිග් හෙවත් PSL තරඟාවලිය මේ වන විට පැවැත්වෙනවා. මෙවර තරඟාවලියේ 25වන තරඟය ලෙස Peshawar Zalmi කණ්ඩායම සහ Quetta Gladiators අතර පැවති තරඟයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කිරීමට Quetta Gladiators ක්‍රීඩකයන් අද සමත් වුනා.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් Peshawar Zalmi නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් Peshawar Zalmi කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 240ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වුණා.

Peshawar Zalmi වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ නායක Babar Azam පන්දු 65කදී ලකුණු 115ක් වාර්තා කිරීමට සමත් වුනා. ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහරවල් 5ක් සහ හතරේ පහර 6ක් ඇතුලත් වුනා.

Saim Ayub පන්දු 34ක් තුල වේගවත් ලකුණු 74ක් රැස් කළ අතර Rovman Powell ලකුණු 35ක් රැස්කිරීමට සමත්වුණා.

ඒ අනුව ලකුණු 241ක දැවැන්ත ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Quetta Gladiators පිතිකරුවන් පන්දුවාර 18.2ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 243ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

Quetta Gladiators ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් විවිශිෂ්ට ඉනිමක් දියත් කල Jason Roy පන්දු 63ක් තුල වෙගවත් ලකුණු 145ක් රැස් කල අතරඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහර 5ක් සහ හතරේ පහර 20ක් ඇතුලත් වුනා. Mohammad Hafeez
ලකුණු 41ක් රැස් කලාඅ.

පන්දු යැවීමේදී Mujeeb Ur Rahman සහ Wahab Riaz එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වුනා.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7