Cricket NewsEXCLUSIVE

අවසන් පන්දුවාර වලදී චාමික කරුණාරත්නට පන්දු යැවීමට නොදුන් හේතුව කුසල් මෙන්ඩිස් තරඟය අවසානයේ කියයි.!

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරඟය ලෙස ඊයේ (14) මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවති තරඟයෙන් කඩුලු 2කක තියුණු ජයක් වාර්තා කිරීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත් වුනා.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිතිකරුවන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 300ක් රැස් කිරීමට සමත් වුනා.

අනතුරුව ලකුණු 301ක දැවැන්ත ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා ඕස්ට්‍රේලියානු පිතිකරුවන් පිටියට පිවිසියත් හදිසියේ ඇදහැළුණු වර්ෂා තත්වය හේතුවෙන් තරඟයේ ජයග්‍රහනය සඳහා පන්දුවාර 44ක් තුල ලකුණු 282ක ඉලක්කයක් ඕස්ට්‍රේලියානුවන්ට හිමි වුනා.

ඕස්ට්‍රේලියානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා සහ ඕස්ට්‍රේලියානු ජයග්‍රහණයේ නියමුවා වූ Glenn Maxwell ලකුණු 80ක් රැස් කරමින් ඕස්ට්‍රේලියානු කණ්ඩායම සුරැකිව ජයග්‍රහණය වෙත රැගෙන යාමට සමත් වුනා.

තරඟයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකට කුසල් මෙන්ඩිස් එක් වී සිටි අතර කුසල් මෙන්ඩිස් තරඟය පිළිබඳව අදහස් දක්වා සිටියා,

එහිදී කුසල් මෙන්ඩිස් නවක ක්‍රිඩක දුනිත් වෙල්ලාලගේ ගැන මෙලෙස සඳහන් කර සිටියා

” දුනිත් එක්ක මම සෙල්ලම් කරපු පලවෙනි වතාව මේක. මේක එයාගේ පලවෙනි මැච් එක කියලා එයා බය වෙලා හිටියේ නැ. ප්‍රෙෂර් එක හැඩ්ල් කරන්න පුළුවන්. කැප්ටන් හරි සීනියර් ප්ලෙයර් කෙනෙක් හරි දෙයක් කිව්වාම ඒක එයාට කරන්න පුළුවන්. එයා විකට් දෙකක් ගත්තා. ස්මිත් වගේ කෙනෙක් එයාගේ පලවෙනි විකට් එක වීම ගැන එයා ගොඩාක් සතුටු වෙනවා ඇති. මම හිතනවා එයා ඉස්සරහටත් හොදට කරයි කියලා. මොකද ටීම් එකට අවශ්‍ය දේ එයාට කිව්වාම ඒ දේ කරන්න පුළුවන් හැකියාවක් එයාට තියෙනවා. ”

චාමිකට අවසන් පන්දුවාර යැවීමට නොදුන් හේතුව ඇතුලු සම්පුර්ණ මාධ්‍ය හමුව පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button