Cricket NewsEXCLUSIVE

දෙ⁣රටම කොළ වර්ණය මූලික කරගත් ඇදුම් ඇන්දාට පාකිස්තානය යනු අයර්ලන්තයට වඩා ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රභල කණ්ඩායමක් බව අමතක වූ කුසල් මෙන්ඩිස් !

තාක්ෂණය හා දක්ෂතාවය හේතුවෙන් දිගින් දිගටම ජ්‍යේෂ්ඨයින් රෙකමදාරු කරන්නට පසුබට නොවූ වසර 7 ක් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ තීරණාත්මක පිතිකරණ ස්ථානයක් තමාටම වෙන් කරගත් කුසල් මෙන්ඩිස් කෙසේ තම දක්ෂතාවයට වටිනාකමක් ලබා දෙනවාද යන්න අදටත් ප්‍රශ්නාර්ථයක්.

දත්තමය වශයෙන් ගත්කල කුසල් පකිස්තානු කණ්ඩායම හමුවේ ඉනිම් 13 ක් තුල රැස් කරගෙන තිබෙන ලකුණු සංඛ්‍යාව 226 ක් එහි සාමාන්‍ය දැක්වෙන්නේ 17 ක් ලෙසටයි.තරඟ ආකෘති තුනේදීම කුසල් පකිස්තානු පන්දු යවන්නන් හමුවේ අන්ත අසරණ වීම අතිශය සුලභ දසුනකි.

අයර්ලන්තයට එරෙහිව තරඟාවලියක් තරඟාවලියේ වීරයා ලෙසින් හමාර කල කුසල් මෙන්ඩිස් පකිස්තානය හමුවේ යලිත් අසාර්ථක වූයේ ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ පරාජයේ තීරණාත්මක සාධයක් වෙමින්.

පකිස්තානය ඉදිරියේ තම පිත්ත සොලවාගන්නටවත් නොහැකි බව යලි යලිත් පුන පුනා පෙන්නුම් කල කුසල් මෙම තරඟයේදීද රැස් කලේ ලකුණු 30 ක් පමණයි.

කුසල් තම ටෙස්ට් දිවියේ හොඳම දස්කම් දක්වා
ආරම්භක පිතිකරුවෙකු ලෙසටයි.ශතක දෙකක් හා අර්ධ ශතකයක් සමඟින් ඔහුගේ සාමාන්‍ය කියැවෙන්නේ 51 ක් ලෙසටයි.එය පසෙකින් තබා බලන කල නූතන ටෙස්ට් තරඟ රටාවේ නොම්මර තුන ක්‍රීඩා කරන ටෙස්ට් පිතිකරුවන් සමඟ ගත් කල ඔහු සිටින්නේ ඊට හාත්පසින්ම වෙනස් මානයකය.

කෙතරම් අසාර්ථක වුවද කුසල් මෙන්ඩිස් වැන්නන්ට ලැබෙන අවස්ථා කමිඳු මෙන්ඩිස්,පැතුම් නිස්සංක වැනි දේශීය පළමු පෙල පිටියේ ලකුණු 60 ඉක්මවූ සාමාන්‍යකට හිමිකම් කියන ක්‍රීඩකයින්ට නොලැබෙන්නේ කුමන හේතුවක් නිසාදැයි දන්නේ වගකිවයුත්තන් පමණයි !

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
4
+1
0
+1
0
+1
2

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button