Cricket NewsEXCLUSIVE

“නායකත්වය දැන් ඇති. මං සිලෙක්ටර්ලාගෙන් නැවතත් ඉල්ලලා තියෙන්නේ මගේ ඉල්ලීම ගැන නැවත සලකා බලන්න කියලා.” පළමු තරඟයේ පරාජයෙන් පසු දිමුත් කරුණාරත්න කියයි !

අද පකිස්තානය හමුවේ පළමු ටෙස්ට් තරඟය කඩුලු 4 කින් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වීමත් සමඟ 2023-25 ටෙස්ට් ලෝක ශූරථාවලිය පරාජයකින් අරඹන්නටයි ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවූයේ.

තරඟය පුරාවට නායකත්වය පිළිබඳව නරඹන්නන් තුල විශාල කතා බහක් නිර්මාණය කල බව නොරහසක්.කෙසේ නමුත් අද පස්වරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න දැක්වූයේ මෙවන් අදහසක්.

“නායකත්වයට වඩා සුදුසු ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ඉන්නවා. මම පෞද්ගලිකව දැකලා තියෙනවා සමහර ක්‍රීඩකයන් මේ වගකීම භාරගන්න දක්ෂ ක්‍රීඩකයන්.”

“නායකත්වය දැන් ඇති. මං සිලෙක්ටර්ලාගෙන් නැවතත් ඉල්ලලා තියෙන්නේ මගේ ඉල්ලීම ගැන නැවත සලකා බලන්න කියලා. මට මගේ පිතිකරණය ගැන වැඩි අවධානයක් යොමු කරලා නායකත්වය සුදුසු කෙනෙක්ට ලබා දෙන්න ඕනි”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button