Cricket NewsEXCLUSIVE

කුසල් ජනිත්, ඇන්ජලෝ මැතිව්ස් කළකට පසුව නැවතත් කණ්ඩායමට කැඳවමින් නවසීලන්තයට එරෙහි ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි-20 සංචිත නිළ වශයෙන් නම් කෙරේ.!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අතිශය තීරණාත්මක තරඟාවලියක් ලෙස ටෙස්ට් තරඟ 2ක් එක්දින තරඟ 3ක් සහ විස්සයි-20 තරඟ 3කින් සමන්විතව ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසිලන්ත තරඟ සංචාරය එළඹෙන මාර්තු 9 වන දා සිට ආරම්භ වීමට නියමිත ය.

මේ සඳහා සහභාගි වන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය ඊයෙ දිනයේ නිළ වශයෙන් නිවේදනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කළ අතර අද පස්වරුවේ විස්සයි-20 සහ එක්දින සංචිතද නිළ වශයෙන් නිවේදනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබෙනවා.

මෙහිදී විස්සයි-20 සහ එක්දින යන ආකෘති දෙකෙහිදිම ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම සුපුරුදු පරිදි දසුන් ශානක හට හිමිව ඇති අතර කලකට පසුව ඇන්ජලෝ මැතිව්ස් එක්දින සංචිතයටද කුසල් ජනිත් පෙරේරා විස්සයි-20 සංචිතයටද කැඳවා තිබෙනවා.

ඒ අනුව නම් කරන ලද ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි-20 සංචිත පහතින්

විස්සයි-20 සංචිතය

දසුන් ශානක – නායක
පැතූම් නිස්සංක
කුසල් මෙන්ඩ්ස්
ධනංජය ද සිල්වා
චරිත් අසලංක
කුසල් ජනිත්
නුවනිඳු ප්‍රනාන්දු
සධීර සමරවීක්‍රම
වනිඳු හසරංග
දුනින් වෙල්ලාලගේ
මහීෂ් තීක්ෂණ
කසුන් රාජිත
ලහිරු කුමාර
දිල්ෂාන් මදුසංක
චාමික කරුණාරත්න
දුෂ්මන්ත චමීර
ලසින් කෲස්ථුල්ලේ
මහිෂ පතිරණ

එක්දින සංචිතය

දසුන් ශානක – නායක
පැතූම් නිස්සංක
කුසල් මෙන්ඩ්ස්
ධනංජය ද සිල්වා
චරිත් අසලංක
ඇන්ජලෝ මැතිව්ස්
සහන් ආරච්චිච්ගේ
නුවනිඳු ප්‍රනාන්දු
සධීර සමරවීක්‍රම
වනිඳු හසරංග
දුනින් වෙල්ලාලගේ
මහීෂ් තීක්ෂණ
කසුන් රාජිත
ලහිරු කුමාර
ප්‍රමෝද් මදුෂාන්
දිල්ෂාන් මදුසංක
චාමික කරුණාරත්න
දුෂ්මන්ත චමීර

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button