Cricket NewsEXCLUSIVE

ලෝක කුසලාන ඉතිහාසයේ වාර්ථා රැසක් දකුණු අප්‍රිකාවන් අලුත් කරද්දී කුසල් මෙන්ඩිස්ගෙන් විශිෂ්ඨ හුදෙකලා සටනක් !

2023 ලෝක කුසලානය අරඹමින් අද ශ්‍රී ලංකාවත් දකුණු අප්‍රිකාවත් දිල්ලි හි අරුන් ජෙට්ලි ක්‍රීඩාංගණයේදී තරඟ වැදුණු අතර වාර්ථාගත පිතිකරණයක නියැලුණු දකුණු අප්‍රිකානුවන් වාර්ථා පිට වාර්ථා බිඳ දැමීය.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානකගේ ආරාධනය අනුව මුලින්ම පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානුවන් නියමිත පන්දුවාර 50 නිමා කලේ කඩුලු 5 ක් දැවී ලකුණු 428 ක් රැස් කරගනිමින්.

මෙය ලෝක කුසලාන ඉතිහාසයේ කණ්ඩායමක් රැස් කල ඉහළම ලකුණු පුවරුව ලෙසින් වාර්ථා අතරට එක්වද්දී රසී වැන් ඩර් ඩුසෙන් , ඒඩ්න් මාක්‍රම් හා ක්වින්ටන් ඩිකොක් යන ක්‍රීඩකයින් තිදෙනාම ශතක සීමාව ස්පර්ශ කලේය.

ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වෙමින් රසී වැන් ඩර් ඩුසෙන් ලකුණු 110 ක් ක්වින්ටන් ඩිකොක් ලකුණු100 ක් හා එක්දින ලෝක කුසලාන ඉතිහාසයේ වාර්ථා කල වේගවත්ම ශතකය තමන්ගේ නම ඉදිරියේ ඒඩ්න් මාක්‍රම් ලියා ගත්තේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 429 ක ඉලක්කයක් හඹායන්නට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හට සියලුදෙනා දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 326 ක් පමණයි.

විශිෂ්ඨ ඉනිමක් දියත් කල කුසල් මෙන්ඩිස් හයේ පහර 8 ක් ද සමඟින් පන්දු 42 කදී ලකුණු 76 ක් රැස් කලේ ජයග්‍රහණය පිළිබඳ බලාපොරොත්තු තවදුරටත් ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන් හට ඉතිරි කරමින්.

අස්ථාවර මැදපෙල වෙනුවෙන් යලිත් හුදෙකලා සටනක නිරත වූ චරිත් අසලංක ලකුණු 79 ක් රැස් කරද්දී නායකත්වය පිත්තෙන් බේරාගැනීමට වෑයම් දැරූ දසුන් ශානක ලකුණු 68 ක් රැස් කලේය.

ඒ අනුව තරඟය ලකුණු 102 කින් ජයගත් දකුණු අප්‍රිකාණුවෝ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නට සමත් විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button