Cricket NewsEXCLUSIVEInternational

මැච් දිනන පරදින එක අපිට කන්ට්‍රෝල් කරන්න අමාරුයි – ශ්‍රි ලංකා නායක කුසල් මෙන්ඩිස්

2023 එක්දින ලෝක කුසලානය සදහා ඉන්දියාව බලා ගිය කන්ඩායම අද අලුයම දිවයිනට ලගා විය. ලෝක කුසලාන ඉතිහාසයෙ අසාර්ථක ලෝක කුසලාන තරගාවලිය නිම කරමින් නායක කුසල් මෙන්ඩිස් ඇතුළු පිරිස අද දිවයිනට ලගා විය. මෙම ලෝක කුසලාන තරගාවලිය තුල ශ්‍රි ලංකා කණ්ඩායම ජයග්‍රහනය කලෙ තරග දෙකක් පමණක් වන අතර ප්‍රසාද ලකුණු සටහනෙ 9 වෙනි ස්ථානයේ රැදි සිටිනවා.

ලෝක කුසලාන ඉතිහාසයේ ප්‍රථම වරට ඇෆගිනිස්ථානයට හා බංගලාදේශය හමුවේද මෙවර ශ්‍රි ලංකා කණ්ඩායමට පරාජය වීමට සිදු උන වාතාවරනයක ශ්‍රි ලංකා නායක කුසල් මෙන්ඩිස් සදහන් කර සිටියේ, තරගාවලිය ගැන තමන් කණගාටු වන බවත් පීඩනයක් නොතිබු බවත් ය. තවද තම කණ්ඩායම් පලමු තරග දෙක හොදින් ක්‍රීඩා කරත් අනෙක් තරග පරාජය වන විට තම කන්ඩායම හොදින් තරග වැදීමට බලාපොරොත්තු වූ බවද කුසල් මෙන්ඩිස් සදහන් කලා.

අද උදෑසන දිවයිනට පැමිණීමෙන් පසු අදහස් දැක්වූ කුසල් මෙන්ඩිස් සදහන් කර සිටියේ තරග ජය පරාජය වීම ඔවුන්ට පාලනය කිරීමට අපහසු බවයි.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
12
+1
1
+1
1
+1
6

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button