BPLCricket NewsEXCLUSIVEPremier League

සල්ලි නැත්තන් ක්‍රිකට් ගහන් නෑ – බිනුර හා ළහිරු සමරකෝන් BPL වර්ජනය කරයි.

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු, බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ චිතගොං කිංග්ස් කණ්ඩායම සමඟ පිටියට නොපැමිණ තරග වර්ජනයක නිරත වෙයි. තරගාවලියට ක්‍රීඩා කිරීම වෙනු‍වෙන් ගෙවිය යුතු මුදල් නො‍ගෙවීම හේතුවෙන් ඇතිවූ කනස්සල්ල මත මෙම තීරණයට එළැඹි බව විදෙස් වාර්තා ඊයේ සඳහන් කළේය.

මෙවර තරග වාරයේ චිතගොං කිංග්ස් පිල නියෝජනය කරන බිනුර ප්‍රනාන්දු, නොවිසඳුණු ගෙවීම් ගැටලුවට විරෝධය පළ කරමින් පෙරේදා තරගයෙන් ඉවත් වුවද සංචිතයේ තවදුරටත් රැඳී සිටී.

චිතගොං කිංග්ස් දැන් ක්‍රීඩක කොන්ත්‍රාත්තුවලට එකඟව කටයුතු කිරීමට අපොහොසත්ව ඇති අතර, මෙයට පෙර ඩර්බාර් රාජ්ෂාහි ද ගෙවීම් සම්බන්ධ ප්‍රශ්නයක් ඇති විය.

ඩර්බාර් රාජ්ෂා ක්‍රීඩක ළහිරු සමරකෝන් එහිදී සඳහන් කළේ Òමට මේ දක්වා එක සතයක්වත් දීලා නැහැ. මම හැමදාම එයාලගෙන් මගේ සල්ලි ගැන ඇහුවත් ඒ අය කියනවා හෙට තරගය ඉවර වෙලා රෑට සල්ලි දෙන්නම් කියලා. ඒත් හෙට කවදාවත් එන්නේ නැහැÓ යනුවෙනි. බීපීඑල් සංවිධායකයන් විසින් මේ සම්බන්ධයෙන් කිසිදු නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැතිවීම විශේෂත්වයකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button