Cricket KnowledgeCricket NewsEXCLUSIVEInternationalPremier League

වනිඳුට විස්සයි20 කඩුලු 300යි!

වනිඳු හසරංග විස්සයි20 ක්‍රිකට් පිටියේ කඩුලු 300 සීමාව ඉතා කෙටි කලකදී පසුකිරීමට සමත් වූවේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයකු විස්සයි20 පිටියේ කඩුලු 300ක් පසුකළ පළමු අවස්ථාව මෙය වේ. ඩුබායි ක්‍රීඩාංගණයේ පෙරේදා පැවති අයිඑල්ටී විස්සයි20 තරගාවලියේදී ඔස්‍ට්‍රේලියානු ක්‍රීඩක ඇෂටන් අගාර්ගේ කඩුල්ල බිඳහෙලා වනිඳු සිය 300 වැනි විස්සයි20 කඩුලු දඩයම සාර්ථක කර ගත්තේය.

ආක්‍රමණශීලී පා දඟ පන්දු යවන්නෙකු වන වනිදු හසරංග රිච්මන්ඩ් විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිස ජාතික කණ්ඩායමේ නායකයා බවට ද පත්විය. ඔහු අයිසීසී පන්දු යවන්නන් අතර දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා එම ශ්‍රේණිගත කිරීමේ අංක එකට පත් වූවේය.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button