Cricket NewsEXCLUSIVEInternationalUnder-19Woman Cricket

ඔස්ට්‍රේලියාව පැරදවු ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ එංගලන්තයද පරදවති !

හම්බන්තොට මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන යොවුන් කාන්තා තුන්කොන් තරගාවලියේ අද (30 වැනිදා) පැවැති තරගයකදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලකුණු 6 ක තියුණු ජයක් අත්කරගත්හ. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මෙම තරගාවලියේදී ලබාගත් දෙවැනි ජයග්‍රහණය මෙයයි. පළමු තරගයේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ ඕස්ටේ්‍රලියානු කණ්ඩායම පරාජය කළහ. 

පන්දු 80 කින් ලකුණු 75 ක අගනා සම්බන්ධතාවක් ගොඩනැංවූ නෙත්මි පූර්ණා (51) සහ මනුදි නානායක්කාර (30) දෙදෙනාගේ පිතිහරඹය නිසා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ නියමිත ඕවර 20 නිමාවේදී කඩුලු 7 ට ලකුණු 128 ක් ලබාගත්හ. ඊට පිළිතුරු වශයෙන් එංගලන්ත යොවුන් ක්‍රීඩිකාවන්ට ලබාගත හැකිවූයේ ලකුණු 122 ක් පමණි.

ඕවර 5 ක් ඇතුළතදී ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායමේ කඩුලු දෙකක් දැවී ගිය නමුත් නෙත්මි සහ මනුදි එක්ව කණ්ඩායම ගොඩගත්හ. මනුදි නානායක්කාර පන්දු 30 කින් ලකුණු 30 ක් ලබාගනිද්දී කණ්ඩායමේ කොඳුනාරටිය වීමේ වගකීම බාරගත් නෙත්මි පූර්ණා පන්දු 35 කින් ලකුණු 35 ක් ලබාගත්තාය. අතිරේක ලකුණු 10 ත් එක්වීමෙන් පසුව සිව්වැනි කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 75 ක් විය. තරගයේ අවසන් ඕවරයේදී නෙත්මි දැවී යන විට ශ්‍රී ලංකා යොවුන් කාන්තා කණ්ඩායම වෙනුවෙන් පුවරුවේ ලකුණු 122 ක් සටහන් වී තිබිණ.

එංගලන්ත යොවුන් කාන්තා කණ්ඩායමේ ඉදිරිපෙළ පිතිකාරිණියන් හොඳ ආරම්භයක් ලබාගත් නමුත් කිසිවකුට දිගින් දිගටම කඩුල්ලේ රැදී සිටිය නොහැකි විය. පන්දු 36 කින් ලකුණු 31 ක් ලබාගත් අබී නෝගෲව්ගේ ඉනිම එංගලන්ත යොවුන් ක්‍රීඩිකාවන් වෙනුවෙන් කෙරුණු හොඳම පිතිහරඹය විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
1
+1
1
+1
1
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button