Cricket NewsEXCLUSIVE

දිගින් දිගටම දේශීය පිටියේ දස්කම් දක්වන ලසිත් කෲස්පුල්ලේට හා සහන් ආරච්චිගේට ජාතික කණ්ඩායමේ දොරටු විවර වන ලකුණු.!

එලඹෙන නවසීලන්ත සංචාරයේ ටෙස්ට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය මේ වන විට නම් කර අවසන්. කෙසේ නමුත් එක්දින හා විස්සයි -20 තරඟාවලිය සඳහා වන සංචිතය තවමත් නම් කර නැහැ. නවසීලන්ත සංචාරයේදී ජ්‍යේෂ්ඨ ක්‍රිඩකයින් කිහිපදෙනෙකුම සීමිත පන්දුවාර තරඟාවලි සඳහා වන සංචිත වලට ඇතුලත් නොවන බව විශ්වාසදායී ආරංචි මාර්ග සඳහන් කරන අතර කුසල් ජනිත් පෙරේරා හා දුශ්මන්ත චමීර විස්සයි විස්ස තරඟාවලිය සඳහා ඇතුලත් වනු ඇත.

එමෙන්ම අවසන් දේශීය තරඟාවලි කිහිපය ඇතුලුව නිමාව දුටු එංගලන්ත ලයන්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරඟාවලිය පුරාවටම ලකුණු අතර සිටි ලසිත් කෲස්පුල්ලේ හා සහන් ආරච්චිගේ හට නවසීලන්ත තරඟාවලියේදී ශ්‍රී ලංකා සංචිතයේ දොරටු විවර වීමට නියමිත අතර ලසිත් විස්සයි-20 සංචිතයටද සහන් එක්දින සංචිතයටද තෝරාගෙන තිබෙන බව අභ්‍යන්තර ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කර සිටිනවා.

එමෙන්ම එම තරඟාවලීන් සඳහා නම් කල ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයින් 21 දෙනෙකු ඇතුලත්ව තිබේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7