Cricket NewsEXCLUSIVE

2018 වසරේ සිදු වූ ආන්දෝලනාත්මක වැලි කඩදාසි සිදුවීමෙන් අනතුරුව දෙවන වරටත් ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙහෙයවීමේ වගකීම Steve Smithට.!

සිය මව අසනීප වීම නිසා හදිසියේම ගෙදර ගිය පැට් කමින්ස්ට ඉන්දෝර්හිදී පැවැත්වෙන තුන්වැනි ටෙස්ට් තරගය අහිමි වන බව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. නියමිත වේලාවට ඉන්දියාව බලා පැමිණීමට පැට් කමින්ස්ට නොහැකි වන බැවින් ඉන්දෝර් ටෙස්ට් තරගයේදී හිටපු නායක ස්ටීවන් ස්මිත් ඕස්ට්‍රේලියානු පිල මෙහෙයවීමට නියමිතය.

බෝඩර් – ගවස්කාර් කුසලාන වෙනුවෙන් පැවැත්වෙන, තරග 4 කින් යුත් තරගාවලියේ පළමු තරග දෙකම ජයගත් ඉන්දියාව 2-0 ක් ලෙසින් පෙරමුණ ගෙන සිටී.

“මේ වෙලාවේ මම අම්මා එක්කත් පවුලේ අය එක්කත් ඉන්න එක හොඳයි කියලයි හිතෙන්නේ. ඒ නිසා තුන්වැනි ටෙස්ට් තරගයට කලින් මා ඉන්දියාවට යන්නේ නෑ…”
“මේ සම්බන්ධයෙන් කණ්ඩායමේ සගයින්ගෙනුත්, ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයෙනුත් මට ලැබෙන සහයෝගය මා ඉහළින්ම අගය කරනවා” යයි නිවේදනයක් නිකුත් කරමින් පැට් කමින්ස් කියා තිබේ.

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර තුන්වැනි ටෙස්ට් තරගය මාර්තු මස 01 වැනිදා (බදාදා) ඉන්දෝර් නුවර හොල්කාර් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි. එහිදී පැට් කමින්ස්ගේ ස්ථානයට වමතින් වේග පන්දු යවන මිචෙල් ස්ටාක් ක්‍රීඩා කිරීමට නියමිතය.

මේ අතර ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ප්‍රවීණයන් පවසන්නේ පැට් කමින්ස් නායකත්වය පසෙක තියා තමන්ගේ පන්දු යැවීම ගැන වඩාත් උනන්දු විය යුතු බවයි. වරෙක ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් අනුව ලොව අංක 1 සිටි පැට් කමින්ස් මේ වන විට ටෙස්ට් පන්දු යවන්නන් අතරේ 3 වැනි ස්ථානයට වැටී තිබේ.

මාර්තු මස 9 වැනිදා අහමදාබාද් නුවරදී පැවැත්වෙන ටෙස්ට් තරගය සඳහා පැට් කමින්ස් එතත්, එම තරගයේදීත් ඕස්ට්‍රේලියානු නායකත්වය ස්ටීවන් ස්මිත්ටම හිමිවන බවටත් වාර්තා වේ.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීම සඳහා ඉන්දියාවට අවශ්‍ය වන්නේ තවත් එක ජයග්‍රහණයක් පමණි. මේ වන විටත් අවසන් මහ තරගයට සුදුසුකම් ලබා සිටින නමුත්, එම ස්ථානය ආරක්‍ෂාකර ගැනීමට නම් ඕස්ට්‍රේලියාව මෙම තරගාවලියේදී 4-0 ක පරාජයෙන් ගැලවිය යුතුව තිබේ.

මේ අතර ඕස්ට්‍රේලියානු හිටපු නායක ස්ටීවන් ස්මිත් 2018 වසරේ දකුණු අප්‍රිකාව සමග පැවති තරඟයක දී සිදු වූ ආන්දෝලනාත්මක වැලි කඩදාසි සිදුවීමෙන් අනතුරුව ඕස්ට්‍රේලියානු කණ්ඩායමට නායකත්වය දෙන දෙවන අවස්ථාව ද මෙයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button