Cricket NewsEXCLUSIVE

ලසිත් මාලිංග යලිත් මුම්බායි කොටස් කරුවෙකු වෙයි-MI NEW YORK කණ්ඩායමේ පන්දුයැවීමේ පුහුණුකරු ධුරය මාලිංගට !

ඇමෙරිකාවදී ආරම්භ වීමට නියමිත MLC තරඟාවලිය සඳහා ක්‍රීඩා කරනු ලබන MI NEWYORK කණ්ඩායම මෙවර තරඟාවලිය සඳහා එක්වන තම විදෙස් ක්‍රීඩකයින් 9 දෙනා මෙන්ම පුහුණු කාර්‍ය මණ්ඩලයද නිවේදනය කර සිටියේය.

කිරන් පොලාඩ්ගේ නායකත්වයෙන් තරඟ වදින මෙම කණ්ඩායමේ හිමිකාරීත්වය දරණුයේ Mumbai Indians කණ්ඩායමේ හිමිකරුවන්ම වන අතර රශීඩ් කාන්,නිකලස් පූරන්,කගීසෝ රබාඩා,ට්‍රෙන්ට් බෝල්‍ට් ඇතුලු විදෙස් විස්සයි විස්ස තරු රැසකින් එම කණ්ඩායම සමන්විත වේ.

එමෙන්ම මෙම කණ්ඩායමේ ප්‍රධාන පන්දු යැවීමේ පුහුණුකරු ලෙසින් Mumbai Indians කණ්ඩායමේ පුරාවෘත්තයක් මෙන්ම Mumbai Indians කණ්ඩායම වෙනුවෙන් වැඩිම කඩුලු ලබාගත් පන්දු යවන්නා වන ලසිත් මාලිංග පත්කර තිබෙන බව ඔවුන් නිලවශයෙන් නිවේදනය කල අතර ප්‍රධාන පුහුණුකරු ධුරය හිමිව තිබෙන්නේ හිටපු දකුණු අප්‍රිකානු ක්‍රීඩක රොබින් පීටර්සන් හටයි!

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button