Cricket NewsEXCLUSIVE

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු උපදේශක ලෙස ලසිත් මාලිංගව පත් කෙරේ.!

එළැඹෙන ජුනි මස 7 වනදා සිට ආරම්භ වීමට නියමිතව තිබෙන ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරයට විස්සයි-20 තරග තුනක්, එක්දින ජාත්‍යන්තර තරග 5ක් සහ ටෙස්ට් තරඟ දෙකක් ඇතුළත්.

දෙරට අතර තරගාවලියේ මූලික තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේත්, පසුව පල්ලකැලේ සහ ගාල්ල යන අන්තර්ජාතික ක්‍රීඩාංගණවලදීත් පැවැත්වීමට මේ වන විට සැලසුම් කර ඇත.

මේ අතර තරගාවලිය ආරම්භ වීමට දින 5ක් වැනි කෙටි කාලයක් ඉතුරුව තිබියදි ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් අද උදෑසන සුබදායි පණිවිඩයක් වාර්තා වුයේ මෙම ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස මෙරටින් බිහි වූ පුරාවෘත ගණයේ වේගපන්දු යවන්නකු වන ලසිත් මාලිංගට එක් වන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කර තිබෙන බවයි.

ඒ අනුව ලසිත් මාලිංග එම ආරාධනාව පිළිගෙන තිබෙන අතර ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරඟාවලියේ ⁣වේග පන්දු උපදේශක ලෙස මීට සුලු මොහොතකට පෙර ලසිත් මාලිංගව නම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම මෙම වසරේ පැවැත්වීමට නියමිතව තිබෙන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය අවසන් වන තුරුම ලසිත් මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායම සමග සිටිනු ඇති බව අභ්‍යන්තර ක්‍රිකට් ආරංචි මාර්ග වාර්තා කර සිටිනවා.

මීට පෙර පසුගිය පෙබරවාරි මාසයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු තරග සංචාරයේ දී ද ලසිත් මාලිංග විසින් ශ්‍රී ලංකා වේගපන්දු පුහුණුකරු ධුරය හොබවනු ලැබූ අතර මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අනුශූරයන් බවට පත්වූ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ධුරය හොබවනු ලැබුවේ ලසිත් මාලිංග විසිනුයි.

එමෙන්ම ලසිත් මාලිංග පන්දු යවන ඉරියව්වට ඉතා සමාන අයුරින් පන්දු යවන මතීෂ පතිරණ සහ නුවන් තුශාර ද මෙම ශ්‍රී ලංකා සංචිතයට ඇතුලත්ව සිටින නිසා ඔවුන්ට ⁣ලැබෙන මෙම අත්දැකීම මිළ කල නොහැකි වනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button