Cricket NewsEXCLUSIVE

එළඹෙන ලෝක කුසලානය ඉලක්ක කරමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු වගකීම නැවතත් ලසිත් මාලිංගට පැවරීමට ක්‍රිකට් ආයතනය සැරසෙයි.!

එළැඹෙන ජුනි මස 7 වනදා සිට ආරම්භ වීමට නියමිතව තිබෙන ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරයට විස්සයි-20 තරග තුනක්, එක්දින ජාත්‍යන්තර තරග 5ක් සහ ටෙස්ට් තරඟ දෙකක් ඇතුළත්.

දෙරට අතර තරගාවලියේ මූලික තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේත්, පසුව පල්ලකැලේ සහ ගාල්ල යන අන්තර්ජාතික ක්‍රීඩාංගණවලදීත් පැවැත්වීමට මේ වන විට සැලසුම් කර ඇත.

මේ අතර තරගාවලිය ආරම්භ වීමට දින 5ක් වැනි කෙටි කාලයක් ඉතුරුව තිබියදි ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් තවත් සුබදායි පණිවිඩයක් අප වෙත වාර්තා වී තිබෙනවා.

ඒ මෙම ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස මෙරටින් බිහි වූ පුරාවෘත ගණයේ වේගපන්දු යවන්නකු වන ලසිත් මාලිංගට එක් වන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කර තිබෙන බවයි.

එහිදී ලසිත් මාලිංග ඒ සඳහා යහපත් ප්‍රතිචාර දක්වා තිබෙන අතර මෙම වසරේ පැවැත්වීමට නියමිතව තිබෙන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ධුරය ද ලසිත් මාලිංග හටම පැවරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙන බවත් වාර්තා වනවා.

මීට පෙර පසුගිය පෙබරවාරි මාසයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඔස්ට්‍රේලියානු තරග සංචාරයේ දී ද ලසිත් මාලිංග විසින් ශ්‍රී ලංකා වේගපන්දු පුහුණුකරු ධුරය හොබවනු ලැබූ අතර මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය අනුශූරයන් බවට පත්වූ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ධුරය හොබවනු ලැබුවේ ලසිත් මාලිංග විසිනුයි.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button