Cricket NewsEXCLUSIVE

එළඹෙන ලෝක කුසලානය ඉලක්ක කරමින් ලසිත් මාලිංග නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායම හා එක් වන ලකුණු..

හිටපු ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගගේ සහය සීමිත පන්දුවාර තරඟ ආකෘතිය තුලදී කෙතරම් ශ්‍රී ලංකා කණ්ඩායමට බලපෑමක් එල්ල කර තිබුනේද යන්න පසුගිය ඔස්ට්‍රේලියානු සංචාරයේදීද පෙනෙන්නට තිබුණි.

පන්දු යැවීමේ උපාය පුහුණුකරු ලෙසින් (Bowling strategy coach) ලෙසින් ඔහු ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමඟ පැවැති සංචාරයේදී කටයුතු කලේය.

සමස්ත තරඟාවලිය පුරාවටම ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් විසින් ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව වඩාත් හොඳ පාලනයක් සහිතව පන්දු යවන ආකාරයක් දක්නට ලැබුණි.

එම තරඟාවලියට පමණක් පන්දු යැවීමේ උපාය පුහුණුකරු ලෙසින් එක් වූ මාලිංග මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම සමඟින් පන්දු යැවීමේ ප්‍රධාන පුහුණකරු ලෙසින් එක්විය.

අභ්‍යන්තර ආරංචි මාර්ග හා සුප්‍රසිද්ධ පුවත්පතක් වන මව්බිම පුවත්පත සිය වෙබ් පිටුව ඔස්සේ සඳහන් කරන පරිදි ලසිත් මාලිංග යලිත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු කාර්‍ය මණ්ඩලයට එක්වීමට නියමිත බව වාර්තා වනවා.

එලැබෙන ලෝක කුසලානය ඉලක්ක කරගනිමින් යම් හෙයකින් මාලිංග ශ්‍රී ලංකා කණ්ඩායම සමඟින් එක්වන්නේ නම් එය කණ්ඩාමේ සමස්ථ පන්දු බළඇනියට විශාල සහයක් වනු ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7