Cricket NewsEXCLUSIVE

තමන් උපන් දේශය වූ පකිස්තානය සලිත කල ඕස්ට්‍රේලියානු රණකාමියා උස්මාන් කවාජාගේ දෙවන ආගමනය.!

2022 වසර මේ දක්වා උස්මාන් කවාජාගේ බව කීම වරදක් නොවන බව නිසැකය.කවාජාගේ දෙවන ආගමනය වූ අවසන් අළු බඳුන තරඟාවලියේ තෙවැනි තරඟයේ ඉනිම් දෙකෙහිදීම ශතක ලබා ගනිමින් වාඩාත් ආක්‍රණශීලී වන්නට ඔහුට හැකි විය.

කවාජා වසර 24 කට පසු ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ පකිස්තානු සංචාරයට එක්වූයේ තමන් උපන් දේශය වූ පකිස්ථානයට එරෙහිව ඔස්ට්‍රේලියානු නිත්‍ය ආරම්භක පිතිකරුවා වෙමිනි.

මාකස් හැරිස් ගේ ආදේශයකය වූ කවාජා පකිස්තානයේදී ඔස්ට්‍රේලියාව ජයගත් තෙවැනි තරඟාවලියේ ජය සඳහා ඔස්ට්‍රේලියාවට මඟ විවර කර දුන්නේය.

ආරම්භක පිතිකරුවෙකු ලෙසින් කවාජා රාවල්පින්ඩි හිදී පැවැති පළමු තරඟයේදී ලකුණු 97 කට දැවී ගියේය.

පිතිකරුවන්ට යෝග්‍ය තණතීරුවක් වූ රාවල්පින්ඩි තරඟය ජයපරාජයෙන් තොරව හමාර විය.කරච්චි හිදී පැවැති දෙවන ටෙස්ට් තරඟයේදී කවාජා තරඟාවලියේ ඔහුගේ පළමු ශතකය වාර්ථා කරමින් ලකුණු 160 ක් පළමු ඉනිමේදී රැස් කල අතර දෙවන ඉනිමේදී නොදැවී ලකුණු 44 ක් රැස් කලේය.

අතිශය පැතලි තණතීරුවක පැවැති දෙවන ටෙස්ට් තරඟයද කවාජාගේ ඉනිමට ගෞරවයක් එක් නොකරම ජයපරාජයෙන් තොරව අවසන් විය.

අවසන් තණතීරු ද්විතවයටම සාපේක්ෂව පන්දු යවන්නන්හට යමක් සිදු කල හැකි තණතීරුවක් බවට ලාහෝර් ගඩාෆි තණතීරුව පෙනෙන්නට තිබුණි.

පළමු ඉනිමේදීම ලකුණු අතරට පිවිසි කවාජා ලකුණු 91 ක් රැස් කලේ වසර 24 කට පසු ඔස්ට්‍රේලියාවට පකිතානය තුල තරඟාවලි ජයක් ලබාගන්නට අඩිතාලම සකසා දෙමිනි.පකිස්තානු පළමු ඉනිම නිමාවන විට තරඟයෙ වැඩි වාසි සංචාරක ඔස්ට්‍රේලියානුවන් දිනාගෙන තිබුණි.

සිය දෙවන ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ඔස්‍ට්‍රේලියානු දෙවන ඉනිම ලකුණු 227 ක් දක්වා ඉහළට ගෙන එන්නට ඉස්ලාම්බාද් නුවරදී උපන් කවාජාගේ නොදැවුණු ශතකයට හැකි විය.

පළමු තරඟ ද්විත්වය ජයපරාජයෙන් තොරව නිමා වූ අතර තෙවැනි තරඟය ලකුණු 115 කින් ජයගන්නට සංචාරක ඔස්ට්‍රේලියානුවෝ සමත් වූයේ වසර 24 කට පසු පකිතානු බිමේදී තරඟාවලි ජයක් ලබා ගනිමිනි.

සමස්ත තරඟාවලිය පුරාවට ඉනිම් පහකදී ශතක දෙකක් හා අර්ධ ශතක දෙකක් සමඟින් ලකුණු 496 ක් රැස් කලේය.එහිදී කවාජාගේ ඉනිමක සාමාන්‍ය ලකුණු 165 විය.කවාජාගේ දෙවන ආගමනයේ හොඳම කොටස විය.

තමන් උපන් දේශයකට එරෙහිව කවාජා ඓතිහාසික තරඟාවලි ජයක මූලිකයා වෙමින් තරඟාවලියේ වීරයා විය.

කවාජා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම රණකාමියෙකි. ඕනෑම තණතීරුවක කවාජා පීඩනය හසුරුවාගන්නා ආකාරය ආසියාවේ හෝ වේවා ආසියාවෙන් පිටතදී හෝ වේවා අග්‍රගණයේ දැකීමකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button