Cricket NewsEXCLUSIVE

එළඹෙන විස්සයි-20 ලෝක කුසලානය වෙනුවෙන් පුහුණුවීම් ඇරඹීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද නුවරට – ලසිත් මාලිංගත් එක් වෙයි.!

එළැඹෙන විස්සයි-20 ලෝක කුසලානය සදහා සහභාගි වෙන ශ්‍රි ලංකා සංචිතය සිව්දින නේවාසික පුහුණු කඳවුරක් සදහා අද දින නුවර බලා පිටත්ව යාමට නියමිතය.

පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදි ඒ අනුව ඔවුන් පුහුණුව ලබන අතර මේ පුහුණු සැසිය සදහා ශ්‍රි ලංකා හිටපු වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සම්බන්ධ වෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. මීට පෙර පැවති මාධ්‍ය සාකච්ඡාවෙදි ශ්‍රි ලංකා ක්‍රිකට් බලධාරීන් පැවසූ පරිදි ලසිත් මාලිංග සිය පෞද්ගලික හේතුවක් නිසාවෙන් එළැඹෙන ලෝක කුසලාන සංචිතය සමග පුහුණුකරුවෙක් ලෙස ඕස්ට්‍රේලියාව බලා පිටත්ව නොයන බවත් කෙසේ නමුත් ලෝක කුසලානයට ගමන් කිරීමට පෙර මාලිංග ක්‍රීඩකයින් හමු වී ඔහුගේ අවශ්‍ය සහයෝගය කන්ඩායමට ලබා දෙන බව එහීදී බලධාරීන් ප්‍රකාශ කලේ ය.

එසේම මේ පුහුණු සැසිය සදහා යොදා ගන්නා පල්‍ලෙකැලේ ක්‍රීඩාංගණයේ කඩුලු ඕස්ට්‍රේලියානු කඩුලු වලට බෙහෙවින් සමාන වන ලෙස සකසා ඇත.

මීට අමතරව ශ්‍රි ලංකා ක්‍රිකට් කන්ඩායම පන්දු ‍රැකීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇති අතර මෙම පුහුණු සැසියේදි විදුලි ආලෝක ධාරා යටතේ පන්දු රැකීමට විශේෂිත පුහුණු සැසියක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button