Cricket NewsEXCLUSIVE

ලෝක කුසලානයට යන යොවුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නිළ අනුග්‍රහකයා ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇඟලුම් ආයතනයක් වන Moose එක් වෙයි.!

එළඹෙන පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය ආරම්භ වීමට තවත් ඇත්තේ ඉතා කුඩා කාලයක්.

මෙවර ආසියානු ශූරයන් ලෙස මෙවර ලෝක කුසලානයට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම් දෙස ක්‍රිකට් ලෝකයේම අවධානය යොමු වී තිබෙන බව රහසක් නොවේ. ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලබා ගැනීමේ තරග වටයට ක්‍රීඩා කිරීමට සිදුව තිබෙන අතර කෙසේ නමුත් ක්‍රිකට් විචාරකයින් පෙන්නුම් කරන්නේ එය ශ්‍රී ලංකාවට අතිශය වාසිදායක කාරණයක් වනු ඇති බවයි.

ඒ ඕස්ට්‍රේලියානු තණතීරුවල අත්දැකීම් සහිතව ලෝක කුසලානයට ප්‍රවිශ්ට වීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබෙන බැවිනි.

ඒ අනුව ක්‍රිකට් ලෝකයේම අවධානය තමන් වෙත යොමු කරගෙන තිබෙන යොවුන් ශ්‍රී ලංකා කණ්ඩායමෙහි 2022 විස්සයි-20 ලෝක කුසලාන ගමන්මගෙහි ප්‍රධාන අනුග්‍රහයකත්වය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඇඟලුම් සමාගමක් වන Moose ආයතනය විසින් දරනු ලබනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද දිනයේ දී ඒ බව නිළ වශයෙන් තහවුරු කර සිටියේ මෙලෙසිනි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button