Cricket NewsEXCLUSIVE

දෙබරවැවින් පැමිණ ක්‍රිකට් ලෝකයම හෙල්ලූ “ලෙජන්ඩ් සුරාගේ” අවසන් ජාත්‍යන්තර තරඟය අදයි.!

ඉන්දියාව සමග අද ආරම්භ වන දෙවන ටෙස්ට් තරගය ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන සුරංග ලක්මාල්ගේ ටෙස්ට් තරග දිවියේ අවසන් තරගය වන බැවින් ඔහුගේ ටෙස්ට් සමුගැන්මට ජයග්‍රහණයකින් සැමරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ගත හැකි හෑම හෙසෙක්ම ගනු ලබන බව තරගාවලියට පෙර පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න සඳහන් කර සිටියා..

2010 වසරේදී බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ටෙස්ට් වරම් දිනාගත් දකුණත් වේග පන්දු යවන්නා හෙට තරගට පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 69 කට ක්‍රීඩා කර තිබේ.

කඩුලු 170 ක් දවා ගැනීමට සමත්ව සිටින සුරංග ලක්මාල්, කඩුල්ලක් දවා ගැනීමේ සාමාන්‍ය 36.38 ක් ලෙසින් සටහන් වේ. බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව නෝර්ත් සවුන්ඩ්හිදී පැවැති තරගයේදී ලකුණු 47 කට කඩුලු 5 ඔහුගේ දිවියේ හොඳම පන්දු යැවීම ලෙස සටහන් වේ.

ඊයේ පැවති මාධ්‍ය හමුවේදී සුරංග ලක්මාල් ද මෙලෙසින් අදහස් දක්වා සිටියා.

“මම ශ්‍රී ලංකාවට ක්‍රීඩාකරපු අවුරුදු 13 පුරාවටම එක සැරයක් හෝ දෙසැරයක් විතරයි තරඟයක් අතරමැද ආබාධයකට ලක්වෙලා තියෙන්නෙ හැබැයි ඒ තරඟයකත් මම ආයෙත් ඇවිල්ලා පන්දු යැව්වා…

මට තරඟයක් ක්‍රීඩාකරනවට මුදලක් ලැබෙනවා..මම කැමති නෑ ඒ මුදලට අසාධාරණයක් කරන්න මොකද මම මෙච්චර කල් ගැහුවෙ Genuine cricket එකක්.. අපි පන්දු යවන්නො 3කින් යන තරඟයක එහෙම එක් පන්දු යවන්නෙක් ආබාධයකට ලක්වුනාම අනික් පන්දු යවන්නො සෑහෙන්න අපහසුතාවයකට ලක් වෙනවා..

ශාරීරික යෝග්‍යතාවය කියලා විශේෂම දෙයක් නෑ මමත් අනික් ක්‍රීඩකයන් හා සමානවම තමයි ඒ දේවල් කරන්නෙ නමුත් මම සාමාන්‍යෙන් පුහුණුවීම් වලදි පන්දුවාර 8ක් යවන්න කිව්වොත් පන්දුවාර 10-11කට වඩා යවනවා…එතකොට මට තරඟයකට ගියාම ලේසියි…

මොකද පන්දු යවන්න යවන්න තරඟයකදි ඕවර් 20-25ක්‍ යවන්න වෙන්න පුලුවන් සමහර වෙලාවට…. ඒකෙදි පුහුණුවීම් වලදි අපි වැඩියෙන් දේවල් කරලා තිබ්බොත් ඒක තරඟයේදි ලේසි වෙනවා…

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7