Cricket NewsEXCLUSIVE

ක්‍රිකට් විචාරකයන්ගේ දැඩි අවධානයක් යොමු වූ තරඟයේ දෙවැනි පන්දුවාරයෙන්ම විශ්ව ප්‍රනාන්දු යැවූ පන්දුවක් හමුවේ Mayank Agarwal දැවීයාම.!

ලෝක ටෙස්ට් ශුරතාවලියට අනියුක්තව සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලියේ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද(12) M. Chinnaswamy Stadium ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

අද තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඉන්දියාව පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළ අතර ඒ අනුව සාර්ථක ආරම්භයක් සොයා පිටියට පිවිසි නායක Rohit Sharma ගේ සහා Mayank Agarwalගේ ආරම්භක සබඳතාවය ලකුණු 10කට සිමා කිරීමට ශ්‍රී ලංකාව සමත් වුනා.

ඒ, Mayank Agarwal ලකුණු 4කට දුවද්දී දැවී යාමකට හසු කර ගනිමිනි,එම අවස්ථාව බොහෝ ක්‍රිකට් විචාරකයන්ගේ සහ රසිකයන්ගේ අවධානයට ලක්වූනා.

ඒ අදාළ පන්දුවේ දී ඔහුව කඩුල්ල මුවා කිරීමේ වරදට ද හසු කර ගැනීම සදහා ද ශ්‍රී ලංකා කණ්ඩායම විනිසුරුගෙන් දැඩි ඉල්ලීමක් සිදු කළ මොහොතක මෙම දුවද්දී දැවී යාම සිදු වීම හේතුවෙනි.

කෙසේ වෙතත්, විනිසුරු විසින් අගාර්වල් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී නොගිය පිතිකරුවෙකු ලෙසයි සහ එම පන්දුවද නිපන්දුවක් ලෙස විනිසුරු නම් කරනු ලැබුවා.

එම කඩුල්ල ලබා ගැනීමේ අවස්ථාව පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7