Cricket NewsEXCLUSIVELegends Series

TM ඩිල්ෂාන්ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා Legends කණ්ඩායම තරඟ වදින “Legends ලෝක ශූරතාවලියට” සියල්ල සුදානම්.!

ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට විශ්‍රාම දුන් හිටපු සුපිරි ක්‍රිකට් තරු ක්‍රීඩා කරන Road Safety Legends ලෝක ශූරතාවලියේ දෙවැනි අදියර එළඹෙන පෙබරවාරි 3 වැනිදා සිට මාර්තු 15 වැනිදා දක්වා ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිතයි.

මෙවර ඒ සඳහා කණ්ඩායම් 8ක් සහභාගී වීමට නියමිත අතර නවසීලන්ත Legends කණ්ඩායම ඒ සඳහා එක්වන අලුත්ම කණ්ඩායමයි.

මෙහි පළමු අදියරේ දී ශූරතාවය දිනා ගත් ඉන්දීය ප්‍රවීණයින්ගේ කණ්ඩායම මෙහෙයවීමේ වගකීම Sachin Tendulkar වෙත ලබා දී තිබෙන අතර එහි අනුශූරතාවය දිනා ගත් ශ්‍රී ලංකා Legends කණ්ඩායම තිලකරත්න ඩිල්ශාන් විසින් මෙහෙයවනු ලබනවා.

Road Safety Legends ලෝක ශූරතාවලිය සඳහා එක්වන කණ්ඩායම් මෙසේයි,

Sri Lanka Legends

India Legends

South Africa Legends

Australia Legends

England Legends

Bangladesh Legends

New Zealand Legends

West Indies Legends

කෙසේ නමුත් පසුගිය දා විශ්‍රාම ගිය තිසර පෙරේරා සහ ඉසුරු උදාන වැනි ක්‍රීඩකයින් මේ වසරේ ශ්‍රී ලංකා Legends කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා නොකරනු ඇත.

එමෙන්ම හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයෙන් 2022 ජනවාරි මාසයේ දී ප්‍රවීණයින්ගේ ලීග් ක්‍රිකට් තරගාවලිය (Legends League Cricket) ඕමානයේ දී පැවැත්වීමට නියමිත අතර එයින් අනතුරුව Legends ලෝක ශූරතාවලිය ඇරඹෙනු ඇත.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7