Cricket NewsEXCLUSIVE

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන මීළඟ තරඟාවලිය එළඹෙන ජනවාරියේ සිම්බාබ්වේ කණ්ඩායම සමග මහනුවරදී.!

එළඹෙන 2022 වසරේ ජනවාරි මස 16 වෙනිදා ඇරඹෙන සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරය සඳහා දින වකවානු හා ක්‍රීඩාංගණ නම් කර තිබෙනවා.

ඒ අනුව පළමු එක්දින තරඟය පැවැත්වෙන්නේ ජනවාරි මස 16 වෙනිදා වන අතර දෙවන තරඟය ජනවාරි 18 සහ තෙවන තරඟය 21 වෙනිදාත් පැවැත්වීමට නායමිත බව ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටිනවා.

විශේෂත්වය වන්නේ මෙම තරඟ තුනම පැවැත්වෙන්නේ මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයදීයි වීමයි.

තරඟාවලියට සහභාගී වන සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායම එළඹෙන ජනවාරි මස 10 වනදා මෙරටට ළගා වීමට නියමිතය.

මේ තරඟාවලියේ ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතා වැදගත් තරඟාවලියක් බවට පත්ව තිබෙනවා.

මන්දයත් ICC එක්දින ලෝක කුසලාන තරඟාවලියට සුදුසුකම් ලබා ගැනීමේ සුපර් ලීග් වටයේ තරඟාවලියක් ලෙස මෙම තරඟාවලිය පවත්වන නිසාවෙනි.

පළමු එක්දින තරඟය – ජනවාරි 16 – මහනුවර පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනයේදි
පළමු එක්දින තරඟය – ජනවාරි 18 – මහනුවර පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනයේදි
පළමු එක්දින තරඟය – ජනවාරි 21 – මහනුවර පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගනයේදි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button