Cricket NewsEXCLUSIVEPremier League

ඕමානයේ Legends League Cricket තරඟාවලියක් – සනත් , ඩිල්ෂාන් , වාස් ,අෆ්රීඩි , අක්තාර් , ගේල්, වොට්සන් , ෂෙවාග්, බ්‍රෙට් ලී ඇතුළු හිටපු සුපිරි ක්‍රිකට් තරු රැසක් නැවත ක්‍රිකට් පිටියට

Legends League Cricket: Oman to host the tournament in January 2022 | Cricket News | Zee News

 

Legends League Cricket තරඟාවලිය ලබන ජනවාරි මස 18 වැනිදා සිට ජනවාරි 30 වැනිදා දක්වා ඕමානයේදි පැවැත්වීමට නියමිතව තිබෙනව. කණ්ඩායම් 3 ක සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත මෙම තරගාවලියට ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිපදෙනෙකු ද සහභාගි වීමට නියමිතයි.

ඒ අතර,
සනත් ජයසුරිය , T.M. ඩිල්ෂාන් , චමින්ද වාස් , උපුල් තරංග හා රොමේෂ් කළුවිතාරණ යන හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මෙම තරගාවලියට එක්වන බවයි ආරංචිමාර්ග සදහන් කරන්නෙ.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඇතුළත් වන්නේ Asian Legends කණ්ඩායමටයි.

එම කණ්ඩායමේ Marquee ක්‍රීඩකයින් ලෙස ෂහිඩ් අෆ්රීඩි , ෂොයිබ් මලික්, යුනුස් ඛාන් , ෂොයිබ් අක්තාර් හා මිස්බා උල් හක් යන ක්‍රීඩකයන් තෝරා ගෙන තිබෙනවා.

World XI කණ්ඩායමට ක්‍රිස් ගේල්, ෂේන් වොට්සන් , ජැක් කාලිස් , බ්‍රෙට් ලී හා කෙවින් පීටර්සන් ‍යන ක්‍රීඩකයින් Marquee ක්‍රීඩකයින් ලෙස එක්වනවා.

Indian XI කණ්ඩායමේ Marquee ක්‍රීඩකයින් වන්නේ විරේන්ද්‍ර ෂෙවාග් , ඉර්ෆාන් පතාන් ,යුවරාජ් සිං , හර්බජන් සිං හා මොහොමඩ් කයිෆ් යන ක්‍රීඩකයන් ඇතුලත්.

එක් කණ්ඩායමක් සමග තරග දෙක බැගින් පැවැත්වෙන මුලික වටයෙන් පසු අවසන් තරගය පැවැත්වීමටයි කටයුතු සංවිධානය කර ඇත්තේ.

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button