Cricket NewsEXCLUSIVE

“දුෂ්මන්ත චමීර ලෝක කුසලානයට අනිවාර්යෙන් එක් වෙනවා” – නායක දසුන් ශානක සනාථ කරයි.!

නිමාව ඔස්ට්‍රේලියානු තරඟාවලියෙන් පසුව ජාතික කණ්ඩායමෙන් දුශ්මන්ත චමීර හට ඉවත් වීමට සිදුවූයේ වළලුකර ප්‍රදේශයේ ඇතිවූ ආබාධයක් හේතුවෙනි. අවසන් වසර 2 ක පමණ කාලය තුලදී ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායමේ ප්‍රධාන වේගපන්දු යවන්නා වූයේ චමීරයි. මෙවර ආසියානු කුසලානයට ශ්‍රී ලංකා කණ්ඩායම එක්වූයේ චමීර නොමැතිවයි.

කෙසේ නමුත් ඔස්ට්‍රේලියාවේදී ආරම්භ වීමට නියමිත එලඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය සඳහා චමීරගේ සහභාගීත්වය ශ්‍රී ලංකා නායක දසුන් සනාත කර සිටියේය.

චමීරගේ ආගමනයත් සමඟින් ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු බලඇණිය වඩාත් ආක්‍රමණශීලී වනු ඇත. වේගපන්දු යවන්නන් හට උචිත තණතීරු වලින් පිරී ගිය ඔස්ට්‍රේලියාවේදී යොවුන් ක්‍රීඩකයින් සමඟින් චමීරගේ එක්වීම විශාල අස්වැසිල්ලක් වන බව නොඅනුමානයි.

චමීර මීට පෙර ඔස්ට්‍රේලියාවේදී එක් විස්සයි විස්ස තරඟාවලියක් සඳහා එක්ව තිබෙන අතර ඔහු එහිදී තරඟ 5 කදී බිඳහෙලා ඇති කඩුලු සංඛ්‍යාව 7 ක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7