Cricket NewsEXCLUSIVEInternational

කෝලිගේ දෙපා වැද සිපගත් ඉන්දීය ප්‍රේක්ෂකයා පොලිස් කූඩුවේ

ඉන්දීය සුපිරි පිතිකරු විරාත් කෝලිගේ දෙපා සිපගත් ප්‍රේක්ෂකයෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන පොලිස් කූඩුවට දමා තිබේ. කෝලි පිළිබඳ වියරු වැටුණු ප්‍රේක්ෂකයා ආරක්ෂක විධිවිධාන උල්ලංඝනය කරමින් යකඩ වැට උඩින් ක්‍රීඩාංගණයට පැන දෙපා සිපගෙන ආදරය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව කෝලි ප්‍රේක්ෂකයා වැලඳ ගත්තේය.

හදිසියේම ක්‍රීඩාංගණයට පැමිණි ප්‍රේක්ෂකයා කෝලිගේ දෙපා මත වැටෙද්දී ආරක්ෂකයින් ඔහුව උස්සාගෙන පිටතට ඇදගෙන ගිය අතර, එවිට කෝලි එම ‘ප්‍රේක්ෂකයාට කිසිවක් කරන්න එපා’ යනුවෙන් පවසා තිබේ.

ඉන්දෝර්හි පැවැති ඇෆ්ගනිස්තානය සමග දෙවන විස්සයි 20 තරගයේදී මෙම සිදුවීම වූ අතර, පොලිසිය පවසා ඇත්තේ මේ පිළිබඳව ප්‍රේක්ෂකයාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් සිටින බවය. කෝලිගේ දැඩි රසිකයෙක් බවත් කෝලිව සිප වැලඳ ගැනීමට ඇතිවූ ආශාවෙන් මෙය කළ බවත් ප්‍රේක්ෂකයා පවසා ඇත.

කෝලි මාස 14කට පසු ඉන්දීය විස්සයි 20 කණ්ඩායමේ ස්ථානයක් හිමි කරගත් හෙයින් ක්‍රීඩා ලෝලීහු දැඩි අපේක්ෂාවෙන් මෙම තරග දෙස බලා සිටිති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button