EXCLUSIVELPLTrending Article

“මේක අවුරුදු ගානක් තිස්සෙ අපිට තිබුනු හීනයක්, දැන් අපිටම තියෙනවා අපේම ලීග් එකක්” – ක්‍රිකට් රසිකයකු LPL ගැන තැබූ ආදරණීය සටහන.!

ලංකාවේ ක්‍රිකට්වලට ආස කරන ගොඩ දෙනෙක්ගේ හීනයක්වුන අපේ ලීග් 1ක හීනේ 2020දි කොරෝනා වෛරසය එක්ක සටන් කරන ගමන් සැබෑ කරගන්න පුලුවන් උනා. ගොඩක් බාධක අමාරුකම් එක්ක කලාට SLPL අත්දැකීම් නිසා දෙවෙනි 1 කරනකන් ශුවර් එකක් තිබ්බේ නෑ. ඒ නිසා LPL 2021 ඒ කියන්න 2nd season එක මේ ටූනමන්ට් එක ගොඩක් වැදගත් එකක් වුනා. මේක LPL පැවැත්ම තහවුරු කලේ මේකෙන්

මේ පාර LPL එකෙන් පස්සේ ආයේ නැවත හැරීමක් නෑ.

පලවෙනි වතාවට ලංකාවේ කෙනෙක් කණ්ඩායමක් මිලට ගත්තේ මේ සීසන් එකේ. ඒකෙන් softlogic ලා ඒ වියදම්කල ගාණට ඇඩ් දැම්මත් ගන්න බැරි ප්‍රචාරයක් ලබා ගත්තා. හොඳටම ශුවර් ඊලඟ පාර ටීම් ගන්න ලංකාවේ තව ව්‍යාපාරිකයන් උත්සහ කරාවි.

ඊලගට අනුග්‍රාහකයන්, කලින් පාර සමහර ටීම්වලට ඉදියේ නෑ ස්පොන්සර්ස්ලා. ඒත් මේ පාර එහම නෑ. ඒ වගේම ටූනමන්ට් එකට ලංකාවේ ලොකු brand names ස්පොන්සර් කරන් ආවා. ඊලග පාර main sponsership එකට පවා තරඟයක් ඒවි.

ඊලඟ දේ තමා ෆෑන්ස්ලා. ෆෑන්ස්ලා නැතිතැන ක්‍රිකට් ගතියක් නෑ. මේපාර ෆෑන්ස්ලා කොරෝනා අවදානම නොතකා ආපු ප්‍රමාණය potential අනුග්‍රහකයන්/අයිතිකාරයන්ගේ ඇස් අරින්න හේතුවුනාවෙන්න ඕනි. ඊයේ ෆයිනල් එකේ vibe එක නම් අවුරුදු ගාණකට පස්සේ තමා වින්දේ.

මෙතනින් එහාට යනවා නම් අනිවාර්යයෙන් ටීම් ගාන 6ක් වෙන්න ඕනි. මම හිතනවා ඒක අවුලක් වෙන 1ක් නෑ ඊලග පාර,

මේ පාර ග්‍රවුන්ඩ් 2ක ගැහුවනේ ඊලඟ පාර ග්‍රවුන්ඩ් 3ක 4ක ගහන්න ඕනි. අඩුම ගානේ කැන්ඩිවලවත්.

ඒ වගෙම තමා කණ්ඩායම් විකිණීම, අයිතිකරුවන්, ගිණුම් වගේ දේවල්වල විනිවිදභාවය පවත්වා ගත යුතුයි. SLC cricket හොර ගුහාවෙන් මේ වගේ දෙයක් කර ගන්න ඕනි කොහොම හරි.

ඒ වගේම තමා කණ්ඩායම්වල අයිතිකරුවන් schedule එක එහෙම කලින්ම ෆයිනලයිස් කරලා draft එක තියන්න ඕනි. ඒ වගේම ඩොලර් 100,000 80,000 කැටගරි 2ක් හදන්න ඕනි විදෙස් ක්‍රීඩකයන්ට විතරක්.

අවසන් වශෙන් ස්තූතිය..
ක්‍රීඩා ඇමති වශයෙන් නාමල්ට මේ තරඟාවලිය ආරම්භ කිරීමේ ස්තූතිය හිමියි. ආණ්ඩුවේ වෙන කෙනෙක් ක්‍රීඩා ඇමති උනා නම් LPL approval ගන්න බෑ.

ක්‍රිකට් ආයතනය පහුගිය කාලෙ හොඳ දේවල් කලා. 2වන පාරත් LPL කල එකේ ස්තූතිය ඔවුන්ටත් හිමියි. ජැෆ්නා විකුණපු හැටි වගේ unprofessional වැඩ නොකර හිටියොත් තවත් හොඳයි.

ඒ වගේම IPG group එක, ආපු commentators ලා, විදෙස් ක්‍රීඩකයන්ට ස්තූතියි

නැවත හමුවෙමු LPL 2022 න්..

-Vinod Bhanuka

 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button