Cricket NewsEXCLUSIVELPLPremier League

හයේ එකට 10,000යි, හතරේ පහරට 4000යි, කඩුල්ලකට 6000 යි – පියයුරු පිළිකා මර්දනය සදහා ඇති විශේෂ අරමුදලට බැර කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනී.

ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී ක්‍රීඩකයෙකු එල්ල කරන සෑම හයේ පහරකින්ම රුපියල් 10,000ක්, හතරේ පහරකින් රුපියල් 4000ක් හා බිඳවැටෙන කඩුල්ලකින් රුපියල් 6000ක් බැගින් පියයුරු පිළිකා මර්දනයට හා දැනුම්වත් කිරීම වෙනුවෙන් පිහිටුවා ඇති විශේෂ අරමුදලට බැර කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ.

ඊයේ දිනයේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ගාල්ල මාවලර්ස් ක්‍රීඩකයෝ විශේෂ රෝස පැහැති ජර්සිවලින් සැරසී පිටියට පිවිසීමත් සමඟ මේ පියයුරු පිළිකා මර්දන වැඩසටහන එල්පීඑල් තරගාවලිය තුළින් ආරම්භ කෙරිණි. ඒ අනුව ඊයේ සිට මෙවර තරගාවලිය නිමාවන 21 වැනිදා දක්වා අඛණ්ඩව මේ අරමුදල් තර කිරීම සිදු වන අතර රුපියල් මිලියන ගණනක් පරිත්‍යාග කිරීම අරමුණ වේ.

“මේ වසරේ, අපි අවධානය යොමු කරන්නේ ‘පියයුරු පිළිකා’ මර්දන වැඩසටහනට අරමුදල් සැපයීම හා ඒ පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමටයි. අපේ කාන්තාවන් සවිබල ගැන්වීම මෙයින් අපේක්ෂා කරනවා” ලංකා ප්‍රිමියර් ලීග් හි තරගාවලි අධ්‍යක්ෂ සමන්ත දොඩන්වෙල මහතා පැවසීය.

පසුගිය වසරේ පැවැති එල්පීඑල් තරගාවලියේදී රිජ්වේ ළමා රෝහලේ ‘ලිට්ල් හාර්ට්’ ව්‍යාපෘති අරමුදල වෙනුවෙන් අරමුදල් පිරිනැමීමට එල්පීඑල් සංවිධායකයෝ කටයුතු කළහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button