Cricket NewsEXCLUSIVE

“අර්බුද රාශියක් රටේ තියෙද්දී LPL ගහනවා…” – පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක කියයි.!

(මෙම පුවත කිසිදු අයුරකින් දේශපාලනය ඉලක්ක කරමින් පළ කරන ලද්දක් නොවේ. ශ්‍රී ලාංකේය ක්‍රිකට් සැණකෙළිය ලෙසින් හැඳින්වෙන LPL තරඟාවලිය පිළිබඳව දේශපාලකයකු කළ ප්‍රකාශය ඔබ වෙත ගෙන ඒමක් පමණි.)

වසර ගණනාවක සිට ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් හට තමන්ගේ මව් රට සත්කාරකත්වය දරනවා යැයි කීමට ලීග් තරඟාවලියක් නොවුනු කාල පරිච්ඡේදයක් නිමාකරමින්, දේශීය ක්‍රීඩකයන් හට ජාත්‍යන්තර මට්ටමේ ලීග් තරඟ අත්දැකීමක් තිළිණ කිරීමේ අරමුණින් 2019 වසරේ මුල් වරට ලංකා ප්‍රිමියර් ලීග්(LPL) තරඟාවලියක් සංවිධානය කලේ විශාල අභියෝගයන් රැසක් මත්තේය.

දේශීය මෙන්ම විදේශීය අනුග්‍රාහයකයින් ශ්‍රී ලංකාවට අනුග්‍රහය දක්වන්නට මැලිකමක් දක්වන කාල සීමාවක විදේශීය අනුග්‍රහයකයන් රැසකගේ අනුග්‍රහයත් සමග සාර්ථක අන්දමින් තරඟාවලියේ දෙවන අධියරේද අවසන් මහා තරඟය දක්වා සාර්ථකව පැමිණෙන්නට හැකියාව ලැබුනි.

කෙසේ නමුත් අද පැවැති පාක්ශික හමුවකදී විපක්ෂ මන්ත්‍රී වරයෙකු වන පාඨලී චම්පික රණවක මහතා සිය පාක්ශිකයන් අමතා අදහස් දක්වමින් කියා සිටියේ “ඉදිරි මාස කිහිපය තුල දැඩි අර්බුධයක් එනවා.එතකොට මෙවැනි තත්වයක් හිසමත තබාගෙන තමයි අපි LPL ගහන්නෙ” යනුවෙනි.

කෙසේ නමුත් වසර ගණනාවකට පසුව ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන් හට හිමි වූ ජාත්‍යන්තර මට්ටමේ ලීග් ක්‍රිකට් තරඟ අත්දැකීම පිළිබඳව මෙසේ අදහස් දැක්වීම පිළිබඳව ක්‍රීඩා මාධ්‍ය වෙබ් අඩවියක් ලෙස අපගේ අප්‍රසාදය පල කර සිටින්නෙමු.

චම්පික මහතා එම ප්‍රකශය සිදු කරන ආකාරය මාධ්‍ය වාර්තා කර තිබුනේ පහත පරිදිය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7