Cricket NewsEXCLUSIVELPL

ඊයේ තරඟයේ තීරණය උඩු යටිකුරු කළ වනිඳු හසරංග රැකගත් Phil Salt ගේ සුපිරි උඩ පන්දුව.!

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා පැවැති Qualifier 02 වූ තරගයේ ඊයේ Jaffna Kings කණ්ඩායම සහ Dambulla Giants කණ්ඩායම අතර පැවති අතර තරගයෙන් ලකුණු 23ක තියුණු ජයග්‍රහණයක් හිමිකර ගත් Jaffna Kings කණ්ඩායම හෙට දිනයේ දී Galle Gladiators කණ්ඩායම සමග අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා.

කෙසේ නමුත් ඊයේ තරගය හැරවුම් ලක්ෂය බවට පත්වූයේ ඉතා ඉක්මනින් ලකුණු රැස්කර ගනිමින් සිටි Dambulla Giants කණ්ඩායමේ ,Phil Salt ව දවා ගැනිම බව ජාත්‍යන්තර විස්තර විචාරකයින් පවා අදහස් දක්වා සිටියා.

මන්ද යත් මේ වන විටත් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලයේ වැඩිම ලකුණු ලාභියා Phil Salt වන අතර ඔහු දැවී යන විටත් වේගවත්ව ලකුණු රැස් කරමින් සීටිම හේතුවෙනි.

සුරංග ලක්මාල් විසින් යොමු කරන ලද පන්දුවක් Phil Salt ගේ පිත්තේ වැදී පන්දුව ඉහලට යොමුවූ අතර එය උඩපන්දුවක් ලෙස වනිදු හසරංග විශිෂ්ට ලෙස රැක ගැනීමට සමත් වුණා.

Jaffna kings කණ්ඩායමේ ජයග්‍රහණයේ හැරවුම් ලක්ෂය මෙය බව ක්‍රිකට් විචාරකයින් පවා සඳහන් කර සිටියා.

එම විශිෂ්ට උඩ පන්දු රැක ගැනීම පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button