Cricket NewsEXCLUSIVEIPLMatch Review

KKRට එරෙහිව ලකුණු 75ක දැවැන්ත ජයක් වාර්තා කළ දුෂ්මන්ත චමිරගේ Lucknow කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පළමු තැනට.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 53වන තරගය ලෙස Lucknow Super Giants කණ්ඩායම සහ Kolkata Knight Riders කණ්ඩායම් අතර පැවති තරඟයෙන් ලකුණු 75ක ජයක් හිමිකර ගැනීමට Lucknow Super Giants කණ්ඩායම සමත් වුනා.

තරඟාය් කාසියේ වාසිය දිනාගත් Kolkata Knight Riders ප්‍රථමයෙන් පන්දුවටපහර දීම සඳහා Lucknow Super Giants කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් Lucknow Super Giants කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 176ක් රැස් කිරීමට සමත් වුණා.

Lucknow Super Giants වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් දියත් කළ Quinton de Kock පන්දු 29කදී ලකුණු 50ක් වාර්තා කිරීමට සමත් වුනා.

Deepak Hooda ලකුණු 41ක් රැස් කළ අතර Marcus Stoinis ලකුණු 28ක් රැස්කිරීමට සමත්වුණා.

පන්දු යැවීමේදී Andre Russell කඩුලු 2ක් බිඳ හෙලීමට සමත් වූනා.

ඒ අනුව ලකුණු 177ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Kolkata Knight Riders පිතිකරුවන්ට පන්දුවාර 14.3ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 101ක් පමණයි

Kolkata Knight Riders ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ Andre Russell පන්දු 19ක් තුල වෙගවත් ලකුණු 45ක් රැස් කල අතර Sunil Narine ලකුණු 22ක් රැස් කළා.

පන්දු යැවීමේදී Avesh Khan සහ Jason Holder කඩුලු 3 බැගින් දවා ගැනීමට සමත් වුනා. දුෂ්මන්ත චමීර එක් කඩුල්ලක් බිඳ හෙලුවා.

ඒ අනුව තරඟාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන පහතින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button