Cricket NewsEXCLUSIVEIPL

මෙවර තරඟාවලියේ සාර්ථකම පිතිකරුවා වන Jos Buttlerව ඉක්මනින්ම නැවත ක්‍රීඩාගාරයට හරවා යවමින් භානුක රාජපක්ෂ රැකගත් සුපිරි උඩ පන්දුව.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර අද තරගාවලියේ 52වන තරගය ලෙස භානුක රාජපක්ෂ ක්‍රීඩා කරන Punjab Kings සමග Rajasthan Royals කණ්ඩායමත් අතර පැවති තරඟයෙන් කඩුලු 6ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට Rajasthan Royals කණ්ඩායම සමත් වුනා.

තරඟයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ Punjab Kings නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළා .

ඒ අනුව පන්දුවට පහර දීම සඳහා පිටියට පිවිස Punjab Kings පිතිකරුවන් නියමිත පන්දුවාර 20 අවසනයේ කඩුලු 5ක් දැවී ලකුණු 189ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩ නැගීමට සමත් වුනා.

ඒ අනුව ලකුණු 190ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Rajasthan Royals පිතිකරුවන් පන්දුවාර 19.4ක් අවසානයේ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 190ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

මෙහිදී Rajasthan Royals කණ්ඩායමේ ආරම්භක පිතිකරු මෙන්ම මෙවර තරඟාවලියේ වැඩිම ලකුණු ලාභියා වන Jos Buttler එල්ල කල පහරක් විශිෂ්ට උඩ පන්දුවක් ලෙස රැක ගැනීමට භානුක රාජපක්ෂ සමත් වුනා.

ඒ වන විටත් ප්‍රහාරාත්මක පිතිකරණයක් දීයත් කරමින් සිටි Jos Buttlerව දවා ගැනීම Punjab Kings කණ්ඩායමට නැවතත් බලපොරොත්තු රැගෙන ඒමට සමත් වූ සිදුවීමක් වුවා.

භානුක රාජපක්ෂ රැකගත් Jos Buttlerගේ එම විශිෂ්ට උඩ පන්දුව පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button