Cricket NewsEXCLUSIVEIPLPremier League

චෙන්නායි අඩුම මුදලට මිලදී ගත් විදෙස් ක්‍රීඩකයා වූ මහීෂ් , සෙසු දඟ පන්දුයවන්නන් අභිබවා නායක දෝනිගේ හොඳම තුරුම්පුව වෙයි

චෙන්නායි කණ්ඩායම මෙවර වෙන්දේසියේ දී විදෙස් ක්‍රීඩකයෙකු වෙනුවෙන් සිදුකල අඩුම ආයෝජනය සිදුකරන්නේ මහීෂ් තීක්ෂණ වෙනුවෙනි.නමුත් සන්රයිසස් කණ්ඩායමට එරෙහිව ඉන්දීය ප්‍රිමියර් ලීග් වරම් දිනාගැනීමෙන් අනතුරුව මේ දක්වා මහීෂ් චෙන්නායි කණ්ඩායම සතු ප්‍රභලම දඟ පන්දු යවන්නා බවට පත්ව ඇත.

ඊට ප්‍රධානතම හේතුව වනුයේ ඉනිමේ විවිධ අධියරන් තුල මහීෂ් හට පන්දු යැවීමට ඇති හැකියාව හා එම අධියරන් හි තත්වයන්ට ගැලපෙන පරිදි පන්දු සංකලනය කිරීමට ඇති ඉහල හැකියාවය.චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් මහීෂ්ගේ පන්දුයැවීමේ කාර්‍ය තුල ඔහු ලකුණුපුවරුව මන්දාගාමී කරමින් කඩුලු ලබාගැනීම සිදු කරයි.නිමාව දුටු විස්සයි විස්ස ලෝක කුසලානය තුලදී මහීෂ්ගේ කාර්‍ය භාරය වූයේ එක් අන්තයකින් වනිඳු හසරංග හට කඩුලු ලබාගැනීමට අනෙක් අන්තයෙන් ලකුණු ලබානොදී පීඩනය යොමු කිරීමය.

නමුත් ඉන්දීය ප්‍රිමියර්ලීගයට පැමිණෙනට විට චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් ජඩේජා සතු වූ කාර්‍ය වූයේද එයමය.ඒ හේතුවෙන් මහීෂ් හට පහසුවෙන්ම තමන්ගේ පන්දු සංකලයන් ඉදිරියේ පිතිකරුවන් පරාජය කරවන්නට හැකි විය.මහීෂ් පවර්ප්ලේ එක තුලදීද(1-6) ඉනිමේ මැද භාගයේදී (7-15) මෙන්ම ඉනිමේ අග භාගයේදී (16-20) පන්දු යැවීමට සමත් කම් දැක්වීම හා ඒ තුල ඔහු මනා පාලනයක් නිර්මාණය කරගෙන තිබෙන බව පෙනෙන්ට තිබේ.

අද තරඟයේදීද මහීෂ් පවර්ප්ලේ අවස්ථාවේදී ඉනිමේ හයවැනි පන්දුවාරය ක්‍රියාත්මක කරන්නේ ෆැෆ් ඩුප්ලෙසිස් හා විරාට් කෝලි වේගයෙන් ලකුණු රැස් කරමින් සිටියදීය.ඉන් අනතුරුව චෙන්නායි නායක දෝනි මහීෂ්ගේ අවසන් පන්දුවාර ක්‍රියාත්මක කරන්නට ඔහුව 18 වෙනි පන්දුවාර යැවීම සඳහා කැඳවා ගන්නේ හොඳින් ලකුණු රැස් කරමින් සිටි මහීපාල් ලම්‍රෝර් කඩුල්ලේ රැඳී සිටියදීය.එහිදී පන්දුවාරය ලකුණු 2 කට සීමා කරමින් කඩුකු 3 ක් බිඳහෙලන්නේ ලකුණු 180-185 ක් කරා යමින් තිබුණු රෝයල් චැලේන්ජර්ස් ඉනිම ලකුණු 173 කට සීමා කරන්නට ඉඩ සලසා දෙමිනි.එහිදී මහීෂ් ලැම්‍රෝර්,වනිඳු හසරංගගේ හා ශබාස් අහමඩ් ගේ කඩුලු බිඳ හෙලන්නට සමත් කම් දැක්වීය.

මේ දක්වා තරඟ 7 කට එක්වූ මහීෂ් කඩුලු 11 ක් බිඳ දමන්නට සමත් කම් දැක්වීය.එමෙන්ම මහීෂ් තරඟය පාලනය කරන ආකාරයද අගනේය.පන්දුවාරයක් සඳහා දල ලකුණු සංඛ්‍යාව ලකුණු 8 ඉක්මවූ එකදු අවස්ථාවක් පමණක් මහීෂ් සතු වීම කැපී පෙනේ.අද තරඟයේදී මහීෂ්ගේ පන්දුවාර 4 කෝටාව තුලදී ලකුණු 28 කට කඩුලු 3 ක් බිඳ දමන ඔහු පන්දුවාරයක් සඳහා ලබාදෙන දල ලකුණු සංඛ්‍යාව සටහන් වූයේ 6.75 ක් ලෙසිනි.

සාමාන්‍යයෙන් චෙන්නායි කණ්ඩායමට ක්‍රීඩා කරන ලාංකික ක්‍රීඩකයෙකුට තමිල්නාඩු ප්‍රේක්ෂකයින්ගෙන් හිමිවන්නේ එතරම් හොඳ මට්ටමේ ප්‍රතිචාර නොවේ.කසේ නමුත් මශීෂ් තමිල්නාඩු වැසියන්ගේ වීරයෙකු වී අවසන් බව නොරහසකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button