Cricket NewsEXCLUSIVEIPLTrending Article

ක්‍රිකට් ලෝකයේ දැවැන්තයන් ක්‍රිඩා කරන IPL පිටිය හොල්ලන 21 හැවිරිදි බිහිසුණු කැරම් පන්දුයවන්නා – මහීෂ් තීක්ෂණ

ශ්‍රී ලංකාව සැලකෙන්නේ ක්‍රිකට් ලෝකෙට විශිෂ්ට මායාකාරි දඟ පන්දු යවන්නන් බිහිකරන මායාකාරී දේශයක් ලෙසටයි.

එදාමෙදා තුර ඉතිහාසයේ බිහිවූ විශිෂ්ටතම දඟ පන්දු යවන්නා මුත්තයියා මුරලිදරන් මෙන්ම විශිෂ්ටතම වමත් දඟ පන්දුයවන්නා රංගන හේරත් ද ‍ශ්‍රි ලංකාවෙන් බිහිවූ ක්‍රිකට් පුරාවෘත්ත වනවා.

එවන් ඉතිහාසයකට හිමිකම් කියන ශ්‍රී ලංකා ක්‍රිකට් වංශ කතාව නැවත ලිවීමට පිඹුරුපත් සකසන වර්තමාන යොවුන් දඟ පන්දු බලඇණිය ඉදිරියේත් මේ වන විට ක්‍රිකට් ලෝකයේ නම්දැරූ පිතිකරුවන් දණ නමනවා.

ඉන් වනිදු හසරංග මේ වනවිටත් වර්තමාන ක්‍රිකට් ලෝකයේ විශිෂ්ටතම විස්සයි-20 දඟ පන්දු යවන්නන් අතර පෙරමුණේ පසුවන ක්‍රිඩකයෙක්.

නමුත් මේ සටහන වනිඳු ගැන නොවේ, ඒ අතරට පිවිසීමට වෙර දරන තවත් ශ්‍රී ලංකා යොවුන් දඟ පන්දු යවන්නෙකු පිළිබඳවයි.

ඒ අන් කවරෙකුත් නොව වර්තමාන ක්‍රජකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන ප්‍රිමියර් ලීග් තරඟාවලිය වන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ බිහිවූ විශිෂ්ටතම කණ්ඩායමක් ලෙසින් සැලකෙන Chennai Super Kings කණ්ඩායමේ ප්‍රධාන දඟපන්දු තුරුම්පුව මහීෂ් තීක්ෂණ පිළිබඳවයි.

මහීෂ්ගේ කැරම් පන්දු ඉදිරියේ ප්‍රතිවාදී පිතිකරුවන් කුමක් කරන්නේ දැයි සිතා ගත නොහැකිව ක්‍රිඩාංගනයේඅසරණ වෙන ආකාරය දැක ගැනීමට පුළුවන්.

Chennai Super Kings කණ්ඩායම සහභාගි වූ පසුගිය තරඟ කිහිපයේම අති විශිෂ්ට දස්කම් දැක්වීමට මහීෂ් තීක්ෂණ සමත් වුණා.

විශේෂම කාරණය වන්නේ ඔහුගේ පන්දුවලට පිතිකරුවන් විශාල පහර එල්ල කිරීමට මැළි කමක් දැක්වීමයි, එනම් පිතිකරුවාට පන්දුව හඳුනා ගැනීමට නොහැකිවීමයි.

අද දිනයේදීත් මහීෂ් විශිෂ්ට පන්දුවාර හතරක් ක්‍රියාත්මක කරනු ලැබුවා.

ඒ අතරින් විශේෂත්වයක් වන්නේ ඔහු විසින් තරඟයේ තීරණාත්මක අවසන් පන්දුවාර වන 17 සහ 19වන පන්දුවාර ක්‍රියාත්මක කරමින් අති විශිෂ්ට දස්කම් දැක්වීමයි.

17 පන්දුවාරය ලකුණු 6කට සීමා කිරීමට සමත් වූ මහීෂ් තීක්ෂණ තරගයේ තීරණාත්මක 19ම වන පන්දුවාරයේ ප්‍රතිවාදී පිතිකරුවන්ට ලකුණු 2ක් පමණක් ලබා දෙමින් කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වූයේ නායක මහේන්ද්‍ර සිං දෝනිගේ තීරණය උපරිම සාධාරණයක් කරමිනි.

මේ ආකාරයෙන් තරඟයේ ඕනැම පන්දුවාරක් සාර්ථක ලෙස ක්‍රියාත්මක කළ හැකි විශිෂ්ට දස්කම් දක්වන මහීෂ් තීක්ෂණ පිළිබඳව ක්‍රිකට් විචාරකයන් සඳහන් කර තිබෙන්නේ ශ්‍රී ලංකාවෙන් තවත් මායාකාරී දඟ පන්දු යවන්නෙකු බිහි වෙමින් පවතින බවයි.

ඔව්. ඒ අන් කවරකු හෝ නොව තවමත් 21 හැවිරිදි මහීෂ් තීක්ශණයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button