Cricket NewsEXCLUSIVEIPL

Mumbai Indians කණ්ඩායමට එරෙහිව Chennai Super Kings වෙනුවෙන් මහිෂ් තීක්ෂණ නැවතත් සුපිරි පන්දු යැවීමක් දියත් කරයි.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි

මේ අතර තරගාවලියේ 59වන තරගය ලෙස Chennai Super Kings කණ්ඩායම සහ Mumbai Indians කණ්ඩායම් අතර පැවති තරඟයෙන් කඩුලු 5ක ජයක් හිමිකර ගැනීමට Mumbai Indians කණ්ඩායම සමත් වුනා.

තරඟාය් කාසියේ වාසිය දිනාගත් Mumbai Indians නායකයා ප්‍රථමයෙන් පන්දුවටපහර දීම සඳහා Chennai Super Kings කණ්ඩායමට ආරාධනා කර සිටියා.

එ අනුව පන්දුවට පහර දුන් Chennai Super Kings කණ්ඩායම පන්දුවාර 16ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කිරීමට සමත් වුයේ ලකුණු 97ක් පමණි.

ඒ අනුව ලකුණු 98ක පහසු ජයග්‍රාහි ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි Mumbai Indians පිතිකරුවන් පන්දුවාර 14.5ක් අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 103ක් වාර්තා කර තරඟය ජයග්‍රහණය කළා.

මේ අතර Chennai Super Kings කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන මහිෂ් තීක්ෂණ ඊයේ තරඟයේදීත් විශිෂ්ට පන්දු යැවීමක නිරත වුවා. ඊයේ තරඟයේදී පන්දුවාර 3ක් ක්‍රියාත්මක කල මහිෂ් එහිදී කඩුල්ලක් බිඳ හෙලීමට සමත් නොවුනත් ප්‍රතිවාදී පිතිකරුවන්ට ලබා දුන්නේ ලකුණු 24ක් පමණි. ඒ අතරටත් පන්දු රකින්නන්ගේ දුර්වල පන්දු රකිම හේතුවෙන් නවතා ගැනීමට හැකියාව තිබු ලකුණු ද ලකුණු පුවරුවට එක් වී තිබුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button
JW7