Cricket GossipEXCLUSIVEIPL

හින්දි ගීතයක් ගායනා කරමින් පිත්තේ එක් පැත්තකින් පන්දුවට පහර දීමේ Punjab Kings ක්‍රීඩකයන්ට ලබා දුන් අභියෝගය භානුක රාජපක්ෂ ජය ගනියි.!

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන තරගාවලිය ලෙසින් සැලකෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2022 වසර සඳහා වන සංස්කරණය අති උත්කර්ෂවත් අයුරින් පසුගිය දා ආරම්භ වූයේ ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් තරු රැසකගේද සහභාගීත්වයෙනි.

මේ අතර ශ්‍රී ලංකා ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ ක්‍රීඩා කරන Punjab Kings කණ්ඩායම මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී මේ වන විට රැඳී සිටින්නේ අවිනිශ්චිත තත්වයකයි.

තරග 11කින් තරග 5ක් ජය ගත් Punjab Kings කණ්ඩායම මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ 8 වැනි ස්ථානයේ රැදී සිටින අතර අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමට නම් ඔවුන්ට ඉතිරි තරඟ 3ම ජයග්‍රහණය කිරීම අනිවාර්ය වී තිබෙනවා.

Punjab Kings කණ්ඩායම හැරුණු විට සන්රයිසස් හයිදරාබාද් හා කොල්කට් නයිට් රයිඩර්ස් යන කණ්ඩායම් ද ප්‍රසාද ලකුණු 10 බැගින් ලබා ගෙන ඇති නමුත්, දල ලකුණු ලබා ගැනීමේ වේගය පහළ මට්ටමක පැවතීම හේතුවෙන් පංජාබ් කණ්ඩායමට ප්‍රසාද ලකුණු සටහනේ 8 වැනි ස්ථානය වෙන්ව තිබෙනවා.

කෙසේ නමුත් මෙවර තරග වාරයේ දී Punjab Kings කණ්ඩායම වෙනුවෙන් පිතිකරණයෙන් ඉහළ දක්ෂතා දැක් වූ ක්‍රීඩකයෙකු ලෙස ශ්‍රී ලංකා ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ හැදින්විය හැකියි.තරග 7කදී ලකුණු 201ක් රැස් කර ඇති භානුක මෙවර තරගාවලියේ දී Punjab Kings කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභීන් අතර තෙවැනි ස්ථානයේ පසුවනවා.

මේ අතර, Punjab Kings කණ්ඩායමේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු විනෝදාත්මක ක්‍රීඩාවක නිරත වන අයුරු ඇතුළත් වීඩියෝවක් එම කණ්ඩායමේ සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ මේ වන විට පල කර තිබෙනවා.

‘Coolie No.1’ නම් සිනමාපටයේ “Main to raste se ja raha tha” නම් ගීතය ගායනා කරමින් පිත්තේ එක් පැත්තකින් පන්දුව බිම නොවැටෙන පරිදි දිගින් දිගටම පන්දුවට පහර දීම මෙහිදී ක්‍රීඩකයින්ට ලැබී තිබූ අභියෝගය වූ අතර රාහුල් චහාර් හා Vaibhav Arora ද මෙම අභියෝගයට මුහුණ දුන් නමුත්, ඉන් ජය ගැනීමට සමත් වුණේ භානුක රාජපක්ෂයි.

Arora 26 වතාවක් ද, චහාර් 37 වතාවක් ද පන්දුවට පහර දුන් අතර, Ishan Porel සාර්ථකව පහර දුන්නේ අවස්ථා 12කදී පමණයි.භානුක රාජපක්ෂ පන්දුවට සියවතාවක් එලෙස පිත්තේ එක් පැත්තකින් අඛණ්ඩව පහර දීමට සමත් වු අතර 100 සම්පුර්ණ වූ පසුව ඔහු විසින්ම එය නවතනු ලැබුවා.

Punjab Kings තැබූ එම විශේෂ සටහන පහතින් නරඹන්න

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button