Cricket NewsEXCLUSIVEIPL

IPL ඉතිහාසයේ ප්‍රථම වරට RCB නිළ වශයෙන් Mumbai Indians කණ්ඩායමට සහය දක්වයි – නිළ ලාංජනය පවා MIට සහය දක්වමින් වෙනස් කරයි.!

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබෙන්නේ තවත් එක් තීරණාත්මක තරගයක්.

එ Mumbai Indians කණ්ඩායම සහ Delhi Capitals කණ්ඩායම් අතරයි.

එම කණ්ඩායම් දෙක අතර තරඟය පැවතියත් මෙම තරගයේ තීරණය ඉතා වැදගත් වන තවත් එක් කණ්ඩායමක් සිටිනවා, ඒ Royal Challengers Bangalore කණ්ඩායමයි.

මේ වන විට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් වටයට පිවිසෙන කණ්ඩායම් 4 අතුරින් කණ්ඩායම් තුනක්ම තේරී පත්වී අවසන් අතර තවත් තේරී පත්විය හැක්කේ එක් කණ්ඩායමකට පමණයි.

මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ සිව්වන ස්ථානයේ Royal Challengers Bangalore කණඩායම රැඳී සිටිනවා. ඒ තරග 14කට ක්‍රිඩා කර තරඟ 8ජයග්‍රහණය කරමින්.

Delhi Capitals කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ 5 වන ස්ථානයේ රැඳී සිටිනවා, ඒ තරඟ 13කට ක්‍රිඩා කරමින් ඉන් තරඟ 7 ජය ගනිමින්.

එමෙන්ම Royal Challengers Bangalore කණ්ඩායමේ පළමු වටයේ තරග සියල්ලම මේ වන විට අවසන් වී ඇති අතර අද දිනයේ දී Mumbai Indians කණ්ඩායම සමග පැවැත්වෙන තරගය Delhi Capitals කණ්ඩායමේද අවසන් තරගයයි.

මෙම තරගය ජයග්‍රහණය කළහොත් Delhi Capitals කණ්ඩායම Royal Challengers Bangalore කණ්ඩායමේ ජයග්‍රාහී තරඟ සංඛ්‍යාව සම කරන අතර දළ ලකුණු ලබාගැනීමේ වේගය අනුව Royal Challengers Bangalore පසුකරමින් සිව්වන ස්ථානය කරා ඔවුන් පැමිණෙනවා.

ඒ අනුව අවසන් වටය සඳහා තේරී පත්වීමට Delhi Capitals කණ්ඩායමට අවස්ථාව හිමිවනවා.

අද තරගය Mumbai Indians කණ්ඩායම ජයග්‍රහණය කළහොත් Delhi Capitals කණ්ඩායමට අවසන් වටය නියෝජනය කිරීමේ අවස්ථාව අහිමි වී යන අතර Royal Challengers Bangalore කණ්ඩායම අවසන් වටයට පිවිසෙනවා.

ඒ අනුව අද පැවැත්වෙන තරගය ඉතා තීරණාත්මක තරඟයක් බවට පත් වී තිබෙනවා.

මේ අතර ඉන්දීය ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ ප්‍රථම වරට Royal Challengers Bangalore කණ්ඩායම නිල වශයෙන් Mumbai Indians කණ්ඩායමට අද තරඟයේ දී සහාය දක්වනවා.

Royal Challengers Bangalore සමාජ මාධ්‍ය පිටුවල ඒ බව නිල වශයෙන් සටහන් කර ඇති අතර ඔවුන්ගේ නිල ලාංඡනය පවා නිල් පැහැයෙන් වෙනස් කර තිබෙනවා.

ඒ අනුව Delhi Capitals සහ Mumbai Indians කණ්ඩායම අතර පැවැත්වෙන අද තරඟයේ Mumbai Indians ජයග්‍රහණය වෙනුවෙන් Royal Challengers Bangalore සියලු සමාජ මාධ්‍ය පිටු මේ වන විටත් නිල් පැහැයෙන් සැරසී අවසන්.

එහි ඡායාරූප කිහිපයක් පහතින්

01 – Changing Profile Picture

 

02  – Send digital Post Card

03 – RCB Captain FAF Message

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button