Cricket GossipCricket NewsEXCLUSIVEInternational

ශ්‍රි ලංකා ක්‍රිකට් ලොකු පුටුවක් සමග මහේල කලක පටන් සීතල යුද්ධයක් – මහේල කලකිරීමෙන් අස්වෙයි

උපුටා ගැනීම ලංකාදීප කෙලිමඩලෙන් ,

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරු වශයෙන් කටයුතු කරමින් සිටි මහේල ජයවර්ධන මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු කීර්තිමත් නායකයකු ද වන මහේල ජයවර්ධන මහතා ‘ වහාම ක්‍රියාත්මක වන පරිදි’ යයි සඳහන් කරමින් ඊයේ (26 වැනිදා) සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී තිබේ. 

මහේල ජයවර්ධන මහතාට ඉතාමත් සමීප, එමෙන්ම විශ්වාස කටයුතු ආරංචිමාර්ග වලින් දැනගන්නට ඇත්තේ ඔහුගේ ඉල්ලා අස්වීමට ආසන්නතම හේතුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු සිදුවන ආකාරය සම්බන්ධයෙන් ඇතිවී තිබෙන දැඩි කළකිරීම බවයි.

“මම හිතන විදිහයි එතැන (ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතයේ) වැඩ කටයුතු සිද්ධ වෙන විදිහයි හරියට අහසයි පොළොවයි වගේ. ඒ වගේ තත්ත්වයකදි මට තවදුරටත් එතන ඉන්න බෑ” යයි මහේල ජයවර්ධන සිය සමීපතමයන් හා පවසා ඇති බවද වාර්තාවේ.

උපදේශක පුහුණුකරුවා වශයෙන් කටයුතු කරමින් සිටි මහේල ජයවර්ධන සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළම නිලධාරියකු අතර කලක පටන් සීතල යුද්ධයක් පැවතිණ.

“ඔහුගේ ධූර කාලයේදී ජාතික කණ්ඩායමේ ක්‍රියාකාරී ව්‍යූහයට වගේම උසස් දස්කම් මධ්‍යස්ථානයටත් වැදගත් වෙනස්කම් බොහොමයක් හඳුන්වා දෙනු ලැබුවා.. එම කාලයේදී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට ඔහුගෙන් ලැබුණු දායකත්වය සඳහා ස්තුති කිරීමට අප මෙය අවස්ථාවක් කරගන්නවා” යයි ද මහේල ජයවර්ධන මහතාගේ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කරන ලද නිවේදනයකින් කියැවේ.

ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්ව යාමට මත්තෙන් සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට මහේල ජයවර්ධන මහතා උත්සාහ කළ නමුත් ඔහුගේ සමීපතමයින් ඔහුට කියා සිටියේ ලෝක කුසලාන තරගාවලිය අත පොවන දුරින් තිබියදී එවන් තීරණයක් නොගන්නා ලෙසයි. පසුව ඔහු අකමැත්තෙන් නමුත් සිය තනතුරේ රැඳී සිටි අතර ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියෙන් ඉවත්ව සිටින බැවින් ‘උපදේශක පුහුණුකරු’ තනතුරෙන් ඉවත්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

නිමාවෙමින් පවතින විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා ජාතික කණ්ඩායමත් සමග ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාම සම්බන්ධයෙන් ද කඹ ඇදීමක් පැවැති අතර අවසානයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන උපදේශක සනත් ජයසූරිය මහතා ශ්‍රී ලංකා කණ්ඩායමත් සමගින් ඇමරිකාව බලා පිටත්ව ගියේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
1
+1
7
+1
1
+1
3
+1
3

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button