Cricket NewsEXCLUSIVEPremier LeagueWPL

කාන්තා ඉන්දීය ප්‍රිමියර් ලීගයේ ක්‍රීඩක වෙන්දේසියේදී චමරි අතපත්තු තෝරා නොගැනීම ගැන මහේල තම අදහස කියයි. – මෙතනින් කියවන්න

“කවුරු හරි ඒ ගැන දොස් කියනවා නම් ඒ මෙම තෝරාගැනීමේ පසුබිම ගැන නොදන්නා කෙනෙක්. මෙම වෙන්දේසියට කණ්ඩායම් යොමුවෙන්නේ තමන්ගේ කණ්ඩායමේ සියලු ක්‍රීඩිකාවන් එතැනින් තෝරාගන්න නොවෙයි. තමන්ගේ කණ්ඩායම කල් ඇතිව නම් වශයෙන් සැලසුම් කරගෙන, අවශ්‍ය ඉඩපාඩු පුරවාගැනීමටයි වෙන්දේසියට යොමුවෙන්නේ. චමරි කණ්ඩායමට ඇතුළත් වෙන්නේ ආරම්භක පිතිකාරිණියක් හැටියට. ඒ වන විටත් මුම්බායි කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණියක් සඳහා ඇබෑර්තුවක් තිබුණේ නැහැ. අපි එතැනට ආවේ වේගපන්දු යවන්නියකගේ අවශ්‍යතාව සපුරගන්න. ආරම්භක පිතිකාරිණියක අවශ්‍ය වූ තවත් කණ්ඩායම් තුනක් එතැන හිටියා. නමුත් කුමක් හෝ හේතුවක් නිසා ඔවුන් ඇයව ගත්තේ නැහැ. ඇත්තටම මටත් පුදුමයි ඒ ගැන. මොකද මෙම වෙන්දේසියට කලින් විශේෂඥ විචාරකයෝ චමරිව මෙම වෙන්දේසියට ඉදිරිපත්වෙන ඉහළම තුන්දෙනා අතර තබා තිබුණා

කොටින්ම මෙය මම පිළිතුරු දිය යුතු හෝ අදහස් දැක්විය යුතු කරුණකුත් නෙමෙයි. මොකද මෙම තරගාවලියේ මගෙ භූමිකාවේ හැටියට මෙය කිසිසේත් මට අදාළ වන තත්ත්වයක සිදූවූ සිදුවීමක් නොවෙයි.

ඒ වෙන්දේසියේ හිටපු එකම ලාංකිකයා මම. නමුත් කණ්ඩායමක් තෝරාගැනීම මගේ හෝ තවත් තනි පුද්ගලයෙක්ගේ තනි තීරණයක් නෙමෙයි. මේක සාමූහික කටයුත්තක්. කවුරු හරි කියනවා නම් කණ්ඩායමක් ලෙසින් ගන්න තීන්දු තීරණ වගේම සියලු සැලසුම් පසෙක දමලා, ශ්‍රී ලාංකිකයෙක් ලෙසින් අපට තවත් ලාංකිකයෙක් වෙනුවෙන් පෙනී සිටින්න පුළුවන් කියලා, ඒක මේ ක්‍රිකට් පසුබිම ගැන කිසිම දැනුමක් නැති කෙනෙක් කියන කතාවක්. මේ පසුබිම දන්න කෙනෙක් කවදාවත් එවැනි චෝදනාවක් කරන්නේ නැහැ” – මහේල ජයවර්ධන

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
4
+1
1
+1
2
+1
1

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button